දේශපාලනය නොතේරෙන ඇතැම් පුද්ගලයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙන් කිරීමට උත්සහ කරන බවත් එය කිසි දිනක සාර්ථක නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර කළාවැව මැතිවරණ බල ප්‍රදේශයේ හා තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ , ප්‍රාදේශීය බල මණ්ඩලය අමතමින්.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද එක්ව සිටියේය.
මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ, තමන්ගේ මහගෙදර අය පසුගිය මැතිවරණයේ දී අලුත් මහගෙදරක් සාදා ගත් බවයි.
කොපමණ අලුත් නවාතැන් තිබුණත් “අපේ මහගෙදර අමතක කරන්න පුළුවන් ද“ යනුවෙන් අසා සිටි දුමින්ද දිසානායක මහතා, කිසි දිනක ආරම්භ අමතක කළ නොහැකි බවත් පැවසීය.
අද දවසේ නැවත වතාවක් සියලු දෙනා මහගෙදර සමාජිකයින් බවට පත්ව ඇතැයි ද පැවසු ඒ මහතා, රට වෙනුවෙන් සියලු දෙනා අත්වැල් බැඳගෙන ඇතැයිද කියා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් වීරකුමාර දිසානායක මහතා පවසා සිටියේ, “ගමේ දේශපාලන වෙද්දු ඉන්නවා“ යනුවෙනි.
ගම්වල ඇතැමුන් ශ්‍රීලංකා හා පොහොට්ටුව ලෙස බෙදී ඇතැයි ද පැවසු ඒ මහතා, එලෙස කටයුතු කළ නොහැකි බවත් පැවසීය.
සියලු දෙනා එකතු වී සිටිය දී ගමේ ගොඩ වෙදකම් කියනා බවත් පැවසු ඒ මහතා, අවශ්‍ය වෙදකම මේ වන විට සිදු කර අවසන් බවත් කියා සිටියේය.
සන්ධානය හා නායකයින් දැන් පත් කර අවසන් බවත් ගමට කළ හැක්කේ දැන් ඒ වෙනුවෙන් සුදානම් වීම පමණක් බවත් පැවසු වීරකුමාර මහතා, නැවත ගම් තුළ මනාප සඳහා පොරයක් ඇති කර ගත නොහැකි බවත් පැවසීය.
රටේ උඩ නිර්මාණය වී ඇති සන්ධානය ගමේ ද නිර්මාණය කළ ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...