දේශීය පුවත්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

මෙසේ ඉවත් කරන එළවළු තොග දිගම්පතහ රජයේ රක්ෂිත කැලෑවට ගෙන ගොස් දමන අතර ඒවා මේ දිනවල වන අලින්ගේ ආහාර බවට පත්ව ඇති අයුරු දැක ගැනීමට හැකිය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන පිපිඤ්ඤා, තක්කාලි, වම්බටු, නෝකෝල්, රාබු, නිවිති, දඹල ආදී එළවළු වර්ග රැසක් දිනපතා ඉවත් කිරීමට සිදුව තිබෙන බව ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙයාකාරයෙන් එළවළු තොග විශාල වශයෙන් ඊයේ (5දා) අලුයම දඹුල්ල මහ නගර සභාවේ ටිපර් රථ මඟින් දඹුල්ල රජයේ රක්ෂිතයට ගෙන ගොස් දැමීම සිදු විණි.
එම අවස්ථාව දැක බලා ගැනීමට ගිය අපට ඉවතලන එළවළු වන අලි රංචුවක් විසින් ආහාරයට ගන්නා ආකාරයත් වන අලින් ටිපර් රථයේ එළවළු බෑමටත් පෙර ටිපර් රථයේ තිබෙන එළවළු ආහාරයට ගන්නට උත්සාහ කරන අයුරුත් දැක ගැනීමට හැකි විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය කියා සිටියේ ගුණාත්මක භාවයෙන් තොරව එළවළු ගොවීන් විසින් රැගෙන ඒම නිසාත් ප්‍රවාහනයේදී සිදුවන පසු අස්වනු හානිය සහිත එළවළු ලැබීමේ ප්‍රවණතාව නිසාත් බොහෝ දුරට එළවළු දිනපතා විනාශ කිරීමට සිදුව තිබෙන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More