ප‍්‍රධාන පුවත්

චීනයෙන් පිටත කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ වහාම අමෙරිකානු කොටස් වෙළෙඳ පොළ බරපතල අර්බූදයකට ලක්ව ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.ඊයේ(24) පමණක් අමෙරිකානු කොටස් වෙළෙඳපොළ, ඩව් ජෝන්ස් අගය ඒකක 1000කින් හෙවත් 3.7%කින්ද එස් ඇන්ඩ් පී අගය ඒකක 500කින් හෙවත් 3.5%කින්ද නස්ඩක් දර්ශකය 4%කින්ද කඩා වැටී ඇති බව වාර්තා විය.

පසුගිය සති අන්තය පුරා ලෝකයේ රටවල් කොරෝනා වෛරසයෙන් බේරී සිටීමට පියවර ගනිමින් සිටින බව අවබෝධ කරගත් කොටස් වෙළෙඳපොළ ආයෝජකයෝ ආරක්ෂාකාරී ආයෝජන පියවර අනුගමනය කිරීම මීට හේතුවී ඇති බව පැවසේ. අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ සංචාරක ක්ෂේත්‍රයේ කොටස් ආශ්‍රිතව මෙන්ම තාක්ෂණ ක්ෂේත්‍රයේ කොටස් ආශ්‍රිතවද මෙම තත්වය බලපැවැත්වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. සමාගම් අතුරින් ඇපල් සමාගම,ෆේස්බුක් සමාගම,මයික්‍රෝසොෆ්ට් සමාගම,ඇමසෝන් සමාගම සහ ඇල්ෆබට් සමාගම යන සමාගම් පමණක් අමෙරිකානු කොටස් වෙළෙඳ පොළේ ඩොලර් බිලියන 250ක අලාභයක් වාර්තා කර ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.ගුවන් සාමාගම් අතුරින් ඩෙල්ටා ගුවන් සමාගම සහ ඇමෙරිකන් ගුවන් සමාගම පමණක් 7%ක අවවර්ධනයක් අමෙරිකානු කොටස් වෙළෙඳ පොළ තුළ ප්‍රදර්ශනය කළේය.

ඖෂධ නිෂ්පාදන සමාගම් වන ඉනෝවියෝ ෆාමියුටිකල්ස් සහ නෝවාවැක්ස් යන සමාගම් වල කොටස් වෙළෙඳ පොළ පිරිවැය පූර්ව වෙළෙඳ පොළ අලෙවිය තුලදී පමණක් 18%කින් කඩා වැටුනු බව වාර්තා වුනි. කොරෝනා වෛරසයට එන්නත් නිපදවීමට අමෙරිකානු සමාගම් සූදානම්ව සිටින අවස්ථාවක ඖෂධ සමාගම් ආශ්‍රිත කොටස් වෙළෙඳ පොළ මෙසේ කඩා වැටීම බරපතල තත්වයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

යුරෝපා කොටස් වෙළෙඳ පොළේ බ්‍රිතාන්‍යය සහ ජර්මානු කොටස් වෙළෙඳ පොළ 3.5% කින් පමණ කඩා වැටී ඇති බව වාර්තා වේ.
මේ අතර අමෙරිකානු කොටස වෙළෙඳ පොළ කඩා වැටුනු වහාම ට්වීටර් පණිවිඩයක් නිකුත් කරන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටින්නේ කොටස් වෙළෙඳ පොළ හොඳ අතට හැරීමට ආරම්භ වූ බවයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More