සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි මහ මැතිවරණයට තරග කිරිමට ජාතික හෙල උරුමය තීරණය කර තිඛේ.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය යටතේ මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමටයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ මුලිකත්වයෙන් යුතු ජාතික හෙළ උරුමය තීරණය කර ඇත්තේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා ද ඉදිරි මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ලබා දෙන සමගි ජන බලවේගය සමග එක්ව තරග කිරිමට තීරණය කර තිඛේ.
වවුනියාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ සන්ධානයේ ලකුණ පිළිබද තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...