ඉරානයේ නියෝජ්‍යය සෞඛ්‍යය ඇමති ඉරාජ් හරිච්චි මහතා නව කොරෝනා වෛරසය ආසාදනයට ලක්ව නිරෝධායනයට ලක් කර ඇති බව ඉරාන සෞඛ්‍යය අංශ ප්‍රකාශ කරයි.කෙසේ වුවද ඉරානයේ නව කොරෝනා වෛරසය ආසාදනය සම්බන්ධයෙන් මාධ්‍යය සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේ ඒ මහතා දැඩි අපහසුතාවයකින් පෙළුනු බව දැක්වෙන වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් වී ඇත. මාධ්‍යය සාකච්ඡාවේදී නියෝජ්‍ය සෞඛ්‍යය ඇමතිවරයා මුඛ ආවරණ කිසිවක් පැළඳ නොසිටි අතර එනිසාම ඔහු අවට සිටි අයවළුන් හට රෝගය පැතිරවීම කරන්නට ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා ප්‍රකාශ කර සිටී. කෙසේ වුවද ඒ මහතා මාධ්‍යය සාකච්ඡාවේදී ඉරානයේ කොරෝනා වෛරස ආසාදනයෙන් ඉරාන වැසියන් 50දෙනෙකු මිය ගිය බවට පලවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කළේය. මේ අතර ඉරාන සෞඛ්‍යය අංශ පවසා සිටින්නේ මේ දක්වා ඉරාන වැසියන් 15 දෙනෙකු මිය ගොස් වෛරසය ආසාදිතයන් 95 දෙනෙකු හමුවී ඇති බවයි.
ඉරානය, නව කොරෝනා වෛරසය හමුවූ චීනයෙන් පසුව දරුනුතම තත්වයට මුහුණ දෙන රට බවට පත්ව ඇති බව මාධ්‍යය වාර්තා තහවුරු කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...