හතරවන සියවසේ කිත්සිරිමෙවන් රජ දවසදී මෙරටට වැඩම කරවන ලද දළදාවහන්සේ සියවස් ගණනාවක් තිස්සේ සිරිලක රජදරුවන්ගේ නොමද හරසරයන්ට ලක්ව වර්තමානය වන විට සෙංකඩගල මහනුවර දළදා මාළිගයෙහි වැඩ සිටී. දන්තකුමරු සහ හේමමාලී කුමරිය එදා බොහෝ දුෂ්කරතා මැද සමුදුර තරණය කරමින් වැඩමවා ගෙනවිත් රජුට භාරදෙන ලද දළදා වහන්සේ වෙනුවෙන් ඉදි කරන ලද ප‍්‍රථම දළදා මන්දිරය අනුරාධපුරයෙහි ඉදි විණ. එතැන් පටන් විවිධ රාජධානි තුළ ඉදි කළ එවැනි දළදා මන්දිර බොහෝ වෙති. සෑම රාජධානියකම එලෙස දළදා මාළිගය සමීපයෙහි රජවරුන්ද වාසය කරමින් තමන් වළඳන රජ බොජුන් දළදා වහන්සේටද පූජා කළහ. රජුගේ අහරකැමියන් රජුගේ භෝජන සකස් කරන කල්හි බොහෝ මහන්සියෙන් පිරිසිදුව එ්වා තෝරා ගෙන රාජකීය මුළුතැන්ගෙහි පිසින සිරිතක් විය. මුඛවාඩම් බැඳ සඳුන් දරින් මේ බත් මාළු පිනි සකස් කොට රජු වළඳවන ලද්දේ රජුගේ සෞඛ්‍ය පිරිහුණහොත් එය රටේම ආරක්ෂාවට බලපාන බැවිනි. දළදා වහන්සේ ද එදා පටන්ම සිරිලක රජ දරුවන් රාජ්‍යත්වයට පත්වන කල්හි වැදගත් විය. එයට හේතුව රජුගේ අග මෙහෙසියන් දන්ත හේමාලා කීරවැල්ල පරපුරෙන් තෝරා ගත් නිසාවෙනි. මෙම පසුබිම මත රජුට සකස් කරන භොජුන් සියල්ල දළදා වහන්සේටද පූජා කරන සිරිතක් අතීතයේ සිටම පැවත ආයේය. සෙංකඩගල මහනුවර වන විට එම වෑංජන වර්ගයන් තිස්දෙකක් වූ බව දක්වා තිබේ. මහනුවර අවසාන කාලයේ පද්‍යයෙන් රචනා කරන ලද මහනුවර රජගෙදර සූප ශාස්ත‍්‍ර නම් ග‍්‍රන්ථය මේ ආහාර වර්ග මොනවාදැයි හෙළි කර ගැනීමට බෙහෙවින් ඉවහල් වෙයි.
ඉංග‍්‍රීසින් රට භාරගත් පසු දළදා වහන්සේට පූජා කරන ලද ගම්වල රාජකාරිය අහෝසි කරන ලද්දේය. බත් බුලත් සැපයීමට, තෙල් සැපයීමට, මල් සැපයීමට මෙන්ම කිතුල් හකුරු පැණි සහ තෙලිජ්ජ සැපයීමද රාජකාරි ගම්වල දෛනික කටයුත්තක් විය. දළදා මාළිගයෙහි ප‍්‍රධාන අටුව පිහිටා තිබී ඇත්තේ ගුරුදෙණිය වෙල්යායේය. වාර්ෂිකව එහි අලූත් සහල් මංගල්‍යය රාජකාරිය කරමින් දළදා මාළිගයට සහල් සැපයීම සිදු විය. සිරෝවල්ලි නම් මුතු පැහැති සම්බා විශේෂයක් රජු වෙනුවෙන්ම වගා කරන ලද බව සූප ශාස්ත‍්‍ර පොත දක්වා ඇත. මේ සහල් සැපයීම සඳහා වන චාරිත‍්‍ර වාරිත‍්‍ර බොහෝ වූ බව පැරණියන් පවසති. කෙසේ වෙතත් රාජකාරිය අහෝසි කිරීමත් පසුව 1870 වසරේ ගෙනා සේවා භුක්ති ආඥාව නිසාත් මේ ගම්වල සාම්ප‍්‍රදායික ගම් වැසියන් එම රාජකාරිවලින් බැහැර ව නගර වලට සංක‍්‍රමණය විය. ඉතිරි රාජකාරි ඉඩම්ද විහාරදේවාලගම් පනත යටතේ පවරා ගත් කල්හි ගම් වැසියනටද යන එන මං නැති විය. එවිට දළදා මාළිගයෙහි දෛනික රාජකාරි සැපයීම සිදු කරනුයේ එක් අතකින් මුළුතැන්ගෙයට සැපයෙන සහල් සහ එළවළු වලිනි. අනෙක් පසින් නිතිපතා දන්දෙන උවසු උවැසියන් ගෙන ලැබෙන අඩුම කුඩුම වලිනි. මහවැලි ජලාශයට ගුරු දෙණියේ ප‍්‍රධාන අටුවද යටවීම නිසා මේ අටුව පල්ලෙකැලේ පිහිටුවීමට හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා කටයුතු කර තිබේ. කෙසේ වෙතත් එදා රජදවස සිදු කළ ආහාර වර්ග තිස්දෙකේ පූජාව තවමත් එසේම සිදු කරන නමුත් (අමුතු මුළුතැන් පූජාව) රජවරුන්ට කළ සත්කාර දළදා වහන්සේට තවමත් ලැබෙන්නේ දැයි සැකයකි. එයට එක් උදාහරණයක් නම් හේමමාලා පාත‍්‍රයට එක්කරන තෙලිජ්ජ පූජාවයි. මේ පූජාවට සකස් කරන තෙලිජ්ජ ඉතා පිරිසිදුව ගෙන මද ගින්නේ සිඳ පැණි පදමට පැමිණි පසු බෝතල් කාලක් පමණ පෙරා ලබා ගනී. එම සිරිත නොදත් වත්මන් උවසුවන් මේ පූජාවට කෝඩියල් වර්ගයන්ද පූජාකරලීම අද සිරිතක් කරගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇත. එසේම නිතිපතා ආහාර පූජාවට ගන්නා ආහාර වර්ග පෙර නොඉඳුල්ව ලබා ගන්නා අලූත් එළවළු වලින් සැකසිණි. නමුත් විසිවන සියවස වන විට හඳුන්වාදුන් රසායනික පොහොර සහ පලිබෝධනාශක නිසා දැන් ලැබෙන සෑම ආහාරයකම වස විස අඩංගු වේ. මෙවැනි ආහාරපාන කෙතරම් පිරිසිදුව උයා පිහා ගෙන පැමිණියද එහි ජීවය තුළ ගැබ්ව පවතින්නේ සතුන් මැරීමේ පාප කර්මයයි. එවැනි තත්ත්වයක් යටතේ පෙර රජ දවස මෙන් දළදා වහන්සේ ගෙන් ආශ්චර්යයක් බලාපොරොත්තු විය හැකි නොවේ.
n2 2නවසිය අසූව දශකයේ අම්පාර දිස්ත‍්‍රික්කයේ කුඹුරු යායවල් පිටින් කීඩෑ වසංගතයකට ලක් වීම සිදු විය. මෙයට හේතුව වූයේ අධික ලෙස කෘෂි රසායන භාවිතයයි. ඉන්පසු රජරට ප‍්‍රදේශය පුරාවටම වකුගඩු රෝගය පැතිර ගියහ. දැනටමත් අනුරාධපුර වකුගඩු රෝහල් අංශ වල මෙම රොගීන් ලක්ෂයක් පමණ ප‍්‍රතිකාර ලබති. මේ සියල්ල ජනිත වූයේ මිනිසාගේ ජවිතය පවත්වාගනෙ යෑමට කරන ලද සතුන් මැරීමේ පාපකර්මයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. පලිබෝධ නාශක භාවිතයෙන් පමණක් නොව රසායනික පොහොර භාවිතයෙන්ද සිදු වන්නේ කුඩා ජීවින් පමණක් නොව ජලයේ ජීවත්ව සිටින මසුන් සහ සර්පයන් මී මැස්සන්ද විනාශව යෑමයි. මේ තත්ත්වය වටහා ගත් රටේ සංවේදී පුරවැසියන් වස විස නැති ගෙවිතැන යළි නගා සිටුවීමට බලවත් උත්සාහයක් ඇති කළහ. එපමණක් නොව අතීතයේ මෙරට ගොවීන් වගා කළ සාම්ප‍්‍රදායික බීජ වර්ගයන් අල වර්ගයන් සහ ධාන්‍ය වර්ගයන් සංරක්ෂණය කරමින් එකිනෙකා අතර හුවමාරු කරගනිමින් වගාවට බඳුන් කළහ. එවැනි තත්ත්වයක් යටතේ යළිත් දළදා වහන්සේ වෙනුවෙන් සුපිරිසිදු ආහාර ලබා දෙන්නට උත්සාහ කළ පුද්ලයන් දෙදෙනකුද බිහිවිය. ඉන් එක් සත් පුරුෂයෙකු වූයේ බලශක්ති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙකු වූ කීර්ති වික‍්‍රමරත්න මහතාය. ඔහු මැදිහත්ව දළදා මාළිගයේ වත්මන් දියවඩන නිළමේ නිලංග දෑල මැතිතුමා දැනුවත් කරමින් මෙයට අවශ්‍ය සහාය ලබාගත්තේය. එහිදී නුවර ප‍්‍රදේශයේ වස විස නැති ගොවිතැනේ ප‍්‍රවීණයෙකු වූ අසේල මනම්පේරි මහතාද එයට මැදිගත් විය. මේ වන විට දළදා වහන්සේට පුද දෙන ලද රාජකාරි ගම්වලින් ලැබෙන ආහාර ගැන එතරම් විශ්වාසස තැබිය නොහැකි විය. එම නිසා දළදා මාළිගය සතු පල්ලේ කැලේ අටුව තිබෙන භූමියේ කොටසක ගොවිපළක් පිහිටුවීමට ආරම්භ කරන ලද්දේ 2018 වර්ෂයේ දීය.
මෙම ගොවිපළ සංවර්ධනය වීමට සැබවින්ම මාස කීපයක් ගත විය. ගොවිපළේ රෝපණය කරලීමට අවශ්‍ය බීජ වර්ග සපයා ගැනීම දුෂ්කර විය. එ් සඳහා මෙම ගොවිපලේ කළමනාකරු වශයෙන් වැඩ කරන තෙන්නකෝන් මහතා ගත් වෑයම අති විශාලය. රටේ විවිධ තැන් වලින් එකතු කරගන්නා ලද ඇත්දළ බණ්ඩක්කා, වම්බටු, අවර, දේශීය මෑ වර්ග, බෝංචි ආදී එළවළු වර්ග හැටක් පමණද එසේම වැල් අල වර්ග හතළික් පමණද වරින් වර මෙයට එක් විය. මෙම අල වර්ග සංචිතය ලබා දෙන ලද්දේ ගන්නෝරුවේ රජයේ කෘෂිකර්ම ගොවිපළේ තේජා නානායක්කාර මහත්මිය විසිනි. කලක් යන විට මේ ගොවිපළ නිල්ල ගැසී බබළන්නට වූයේ කිසිම වසක් විසක් නොහොත් රසායනික පොහොරක් එක් නොකරමිනි. මේ සඳහා මාලබේ හෙළ සුවය වැඩසටහන් සමග සම්බන්ධ වෙමින් එහි නිෂ්පාදනය කරනු ලැබූ දියර ඖෂධ වර්ග හයක් මෙයට යොදවා ගත්හ. මෙම පොහොර යෙදීමට පෙර පාත්ති සකස් කරලීමේදී ඔවුහු අපූරු සත්කාරයක් කරති. එනම් ග්ලිඩිසීරියා කොළ සහ කුප්පමේනිය කොළ සහ තිප්පිලි කොළ එක් කරලීමයි. ඉන්පසු ඖෂධ දියරයෙන් පොවන ලද බීජ රෝපණය කොට ක‍්‍රමයෙන් වගාව වර්ධනය වන කල්හි පෙර කී ඖෂධීය පොහොර වර්ගයන් ක‍්‍රමිකව කාලසටහනකට අනුව වගාවට එක් කරති. මේ නිසා අද පල්ලෙකැලේ අටුවේ ගොවිපළෙන් සෑම දිනකටම සරිලන සුපිරිසිඳු එළවළු ප‍්‍රමාණයක් දළදා මාළිගයට ලැබෙයි. සෑම දිනකම සවස් යාමයේ මේ එළවළු නෙළා ගනිති. එක් වර්ගයකින් ග‍්‍රෑම් 750 බැගින් රැුස් කොට මාළිගාවේ මුළුතැන්ගෙට භාර දීම ගොවිපළේ කළමනාකරුගේ පුරුද්දක් බවට පත්ව තිබේ. සැබවින්ම දළදා වහන්සේ වෙනුවෙන් කරන පුද සත්කාරයන්හි නව ප‍්‍රවේශයක් අපට දැක ගන්නට ලැබෙන කල්හි. දළදා වහන්සේ ගේ ආශිර්වාදය නිතැතින්ම රටටත් ජනතාවටත් සම්බුද්ධ ශාසනයටත් හිමි වනු ඇත. මෙම ගොවිපළේ ඊළඟ පියවර වන්නේ දැනට සම්බන්ධව තිබෙන රාජකාරි ගම්වල ගොවීන් සමග එකාබද්ධ වස විස නැති ගොවිතැන් ක‍්‍රමයක් ප‍්‍රචලිත කිරීමයි. විශේෂයෙන්ම මෙම පල්ලෙකැලේ අටුවේ ගොවිපළේ සංරක්ෂණය කරනු ලැබූ අල වර්ග හතළිහේ බීජ ලබන මැදින් මාසයේ දී ඔවුන් වෙත බෙදා දීමටද නියමිතය.
මතුගම සෙනෙවිරුවන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...