සිය ගනන් දහස් ගනන් අමෙරිකානුවෝ දිනපතා “Pornhub”” නම් අසභ්‍යය වෙබ් අඩවිය වසා දැමීමට තම අත්සන තබමින් දායකත්වය සපයන බව ලයිලා මිකෙල්වේට් නම් වෙබ් අඩවිය තහනමට මූලික වූ අමෙරිකානු ජාතික කාන්තාව පවසයි.”මගේ මේ සටන දේශපාලනයට එරෙහිව හෝ කෙනෙකුගේ මතවාදයකට එරෙහිව නොවෙයි.හුදෙක්ම ස්ත්‍රී දූෂනය සහ ළමා අපචාර වැලක්වීමටම පමණයි”යනුවෙන් පවසා සිටියාය. ලෝකයේ වෙබ් අඩවි සම්බන්ධයෙන් විමර්ෂණයේ යෙදෙන වෙබ් අඩවියක් වන “SimilarWeb.com” වෙබ් අඩවියට අනුව 2007 වර්ෂයේදී ආරම්භ වූ “Pornhub” අසභ්‍යය වෙබ් අඩවිය ලෝක වෙබ් අඩවි දර්ශකයේ දසවන ස්ථානයේ රැඳී සිටින වෙබ් අඩවිය වන අතර එය “MindGeek” නම් අන්තර්ජාල අසභ්‍යය වෙබ් අඩවි ජාලයේ ඒකාධිකාරියක් පවත්වාගෙන යන නියමු වෙබ් අඩවිය යටතේ පාලනය වන එක් වෙබ් අඩවියකි.”Pornhub” වෙබ් අඩවියේ ජනප්‍රියත්වය පවත්වාගෙන යාමට මතභේදාත්මක ක්‍රියාමාර්ග වලට එළඹීම නොවැලක්විය හැකි කාරනයක් බව දක්වා සිටින ලයිලා මිකෙල්වේට් පවසාසිටින්නේ ඉහත කී වෙබ් අඩවියට එරෙහි වීමට ආගමික හැඟීම හෝ විනයගරුක බව හෝ අශ්ලීල දර්ශන නැරඹීමට ඇබ්බැහිවීම ආදී කාරනා මූලික කර නොගත්බවයි.ඒ වෙනුවට අරමුණු කරගත්තේ මිනිස් ජාවාරමට එරෙහි වීම පමණක් බව ඇය පවසා සිටියාය.
ලයිලා මිකෙල්වේට් නායකත්වය සපයන සංවිධාන දෙකම ක්‍රිස්තියානි ආගම මුල්වූ සංවිධාන දෙකක් වන අතර ඉන් එක් සංවිධානයක් ලිංගික සූරාකෑමට සහ ලිංගික ජාවාරමට එරෙහිව කටයුතු කරන සංවිධානයක් ලෙස දශකයකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ සංවිධානයකි.
“Pornhub” වෙබ් අඩවිය මෑතකදී වඩාත් කතා බහට ලක්වූයේ අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දාමරිකයෙකු එක් කාන්තාවක් පැහරගෙන ගොස් ඇගේ අසභ්‍යය වීඩියෝ දර්ශන 58 ක් “Pornhub” වෙබ් අඩවිය වෙත මුදා හැර තිබීමත් අවසානයේදී දාමරිකයා විසින් ඇයව බලහත්කාරයෙන් ගබ්සාකිරීමට ලක් කිරීමත් හේතුවෙනි.මේ අතර බීබීසී පුවත් අඩවිය වාර්තා කර තිබුනේ 14 හැවිරිදි දැරියක දූෂණයට ලක් කරන වීඩියෝ දර්ශන “Pornhub” වෙබ් අඩවිය වෙත මුදා හැරීමට කටයුතු කර තිබුනු බවයි.
2015 මැයි මස 13 වනදා සිවලෝගනාදන් විද්‍යා නම් යාපනයේ පුන්ගුඩුතිව් ප්‍රදේශයේදී දූෂණය කර මරා දැමුනු දැරියගේ නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීමේ උවමනාවෙන් එසේ කළ බවට වාර්තා පලවී තිබුනි.
ජිවන්ත ජයතිස්ස
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...