[ඉසුරු ප්‍රසංග විසින් රචිත ‘විමල් යුගකාරකත්වයේ භූමිකාව’ ග්‍රන්ථය වෙනුවෙන් ගුණදාස අමරසේකරයන් තැබූ සටහන]
පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනුවේ හුදෙක් එතුමාගේ පෞරුෂය උඩය යනුවෙන් ඇතමුන් පළ කරන මතය සාවද්‍ය වෙයි. එයින් අදහස් කරන්නේ එතුමාගේ පෞරුෂය ජයග‍්‍රහණය සඳහා හේතු නොවීය යන්න නොවේ. යම් සේ එතුමාගේ පෞරුෂය ඒ සඳහා වැදගත් වීද ඒ පෞරුෂය පිටුපසින් වූ ජාතික බලවේගයද එපමණටම වැදගත් විය. ඒ දෙකේ අන්‍යෝන්‍ය බලපෑමයි ඒ ජයග‍්‍රහණයට හේතු වයේ.
ඒ ජාතික බලවේගය ඕපපාතිකව පහල වූවක් නොවේ. පසුගිය දශක තුන හතර තුළ මෙරට ජාතිමාමක බුද්ධිමතුන් ගෙන ගිය ජාතික පුනර්ජීවන ව්‍යාපාරයයි ඊට පාදක වූයේ. ඒ ව්‍යාපාරයේ සුල මුල අනගාරික ධර්මපාලයන් විසින් අරඹන ලද ජාතික විමුක්ති සටන තෙක් දිව යයි.
මේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ උන් දේශපාලනඥයන් අතරින් ඒ ජාතික විමුත්කි සටනට වැඩියෙන්ම දායක වූ දේශපාලකයා විමල් වීරවංශ බව මගේ වැටහීමයි. බාගවිට එකම පුද්ගලයාද ඔහු වන්නට පුළුවන. පිලිප් ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන ආදීන් ගත් ජාතිකවාදී මඟ යළි පණ පොවා වත්මන් පරපුරට සරිලන සේ ඉදිරිපත් කරන ලද්දේ වීරවංශයන් විසිනි.
විමල් වීරවංශ ලබා දුන් එකී දායකත්වයේ අතීත කතාව සටහන් කිරීමට පළමුව එහි වත්මන් කතාවෙන් මේ සටහන පටන්ගත යුතුයැයි සිතමි.
2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග ජාතික බලවේග නියෝජනය කළ අප තුළ ඇති වූයේ මහත් කම්පනයකි. දැඩි අනාථභාවයකින් අපි පෙළෙන්නට වීමු. ආප්ප කා රනිල් වික‍්‍රමසිංහ වෙත ගිය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වීමත් සමග ජාතික බලවේග යටපත් වී විජාතික බලවේග හිස ඔසවන බව සක්සුදත් සේ පැහැදිලි විය. විපිළිසර වූ මනසින් යුතු අපට ඒ සඳහා අවශ්‍ය පිළියම දැක ගත හැකි නොවීය. ඒ පිළියම අපට පාදා දෙන ලද්දේ විමල් වීරවංශයන් විසිනි. එහි ප‍්‍රතිඵය වූයේ ”මහින්ද සමග නැගිටිමු” යන උද්ඝෝෂණ පාඨය මුල්කරගත් නුගේගොඩ පැවැති දැවැන්ත ජන රැුළියයි. එය කිසිවෙකු නොසිතූ ලෙස අතිශය සාර්ථක විය. මහින්ද රාජපක්ෂ මහතාද එවැන්නක් අපේක්ෂා නොකරන්නට ඇත. අභාග්‍යය නම් අද වන විට ඒ සියල්ල බොහෝ දෙනෙකුට අමතක වී තිබීමයි. සමහරුන් නම් එය උවමනාවෙන්ම අමතක කරන බව පෙනේ.
ඒ රැුළිය හා බැඳුනු මා සිත රැඳී ඇති සැමරුම් කිහිපයක් ප‍්‍රස්තුතයට අදාළ නොවූවද මෙහි බහාලීම වැදගත් යැයි සිතමි. ඒ රැළියේ මුලසුන ගැනීම සඳහා ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වූ සංඝ පීතෘවරයෙකු සොයා ගැනීම අවශ්‍ය විය. ඒ සඳහා කොළඹ අවට වූ නායක හිමිවරුන් කීපදෙනෙකු වෙත ගොස් අපි ඇරයුම් කළෙමු. උන් වහන්සේලාගෙන් කිසිවෙකු නොවේ අපේ ඇරයුම පිළිගත්තේ. අවසානයේදී අපි ඕමාරේ කස්සප හිමියන්ගේ සහාය ඇතිව දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝ නායක පල්ලත්තර සුමන ජෝති හිමියන් සම්බන්ධ කර ගැනීමට තැත් කළෙමු. සුමනජෝති නාහිමියන් මුණ ගැසීම සඳහා ගෙවිඳු කුමාරතුංගත්, මමත් ගාල්ලට ගියෙමු. රෝගී තත්වයේ උන් නායක හිමියන් අපගේ ආරාධනාව පිළිගැනීම ඉමහත් සැනසිල්ලක් විය. අප සමග එහි ගිය වසන්ත දේවසිරි මහතා උන්වහන්සේ සිය මොටෝරියෙන් ගෙන ඒමට පොරොන්දු විය.
ඒ රැළියට සහභාගී වන ලෙස ඒ වන විට විපක්ෂයේ උන් සියලූම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ටත්, වාමාංශික දේශපාලන නායකයන්ටත් අපි ආරාධනා කෙළෙමු. ඔවුුන්ගෙන් වාමාංශික දේශපාලකයන් පමණකි වේදිකාවේ අසුන් ගත්තේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙතුන් දෙනෙක් ජනතාව අතර වූ නමුදු වේදිකාවේ අසුන් ගැනීමට ඔවුහු අකමැති වූහ. දඩබ්බර මනසකින් යුත් කුමාර වෙල්ගම මහතා පමණි අප සමග වේදිකාවේ අසුන් ගත්තේ.
මා මේ කරුණ සඳහන් කළේ අප ආ ගමන කෙතරම් කටු කොහොල් බාධක අතරින් ආ ගමනක්ද යන්න පෙන්වීම සඳහාය.
මා විමල් වීරවංශ මහතා දැන හඳුනාගත්තේ ජේවීපිය විසින් ආරම්භ කරන ලද ”ලංකා” පත‍්‍රයට ඔහු විසින් සපයන ලද ලිපි පෙළක් මඟිනුයි. ඒ ලිපි ජේවීපියට වැළඳී තිබූ මාක්සවාදී බරවායෙන් මිදුණු මනසක් ඇත්තෙකු විසින් ලියන ලද ඒවා බව මට වැටහිණි. එපමණක් නොව ජාතිකවාදී ස්ථාවරයක්ද ඒවා තුළ ගැබ්ව තිබිණි. ඒ වන විට ම විසින්ද ”ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු” කෘතිය මගින් ජේවීපිය ජාතිකවාදී ස්ථාවරයක් වෙත එළඹීමේ වැදගත්කම පෙන්වා දී තිබිණි. අප දෙදෙනා ඔවුනොවුන් වෙත ළං වූයේ මේ අයුරිනි.
එහි ප‍්‍රතිඵලය වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නොමඳ අනුග‍්‍රහය මත දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ආරම්භ වීමයි. ඒ අනුග‍්‍රහය පිටුපසින් සිටි පුද්ගලයන් සිව්දෙනා සෝමවංශ අමරසිංහ, විමල් වීරවංශ, වසන්ත බණ්ඩාර සහ සේනාරත්න සිල්වා බව මගේ වැටහීමයි. ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සහභාගීත්වයද අපට විශාල ශක්තියක් විය. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයට රට පුරා රස්වීම් විශාල ප‍්‍රමාණයක් සංවිධානය කිරීමට හැකි වූයේ ජනතා විමුක්ති පෙරමුණේ අනුග‍්‍රහය ලබාගැනීමට හැකිවී තිබූ බැවිනි. ඒ සඳහා පුරෝගාමීව කටයුතු කළේ විමල් වීරවංශයි.
ජේවීපියත් ජාතිහිතෛෂී බලවේගත් අතර ඇතිවූ මේ සංයෝගය ඇතැම් ජේවීපී සාමාජිකයන්ගේද ප‍්‍රසාදයට හේතු නොවිණ. සංවිධානාත්මක දේශපාලන ව්‍යුහයකින් තොරවූ ජාතික බලවේගවලට කිසිදු ශක්තියක් නොමැති බවයි ඔවුන්ගේ අදහස වූයේ. මීට හේතුව මතවාද සතු ශක්‍යතාවය පිළිබඳව ඔවුන් තුළ වූ අනවබෝධයයි. මුළු මහත් ජනතාවකගේ මනසට ආමන්ත‍්‍රණය කරන මතවාදයකට සංවිධානාත්මක දේශපාලන ව්‍යුහයක් ඉක්මවා සිටින ශක්තියක් තිබේ. මීට හොඳම නිදසුන ලෙස මා දකින්නේ මේ රට තුළ මහා චින්තන විප්ලවයක් සිදු කළ අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරයයි. එතුමාට එවැනි සංවිධාන – දේපාලන ව්‍යූහයක් නොතිබුණි. තිබුණේ ජාතික මනස අවදි කිරීමට සමත් වූ ජාතිකත්වය මත පදනම්වූ ප‍්‍රබල මතවාදයකි. දේශහිතෛෂී ව්‍යාපාරයටද එවැනි ප‍්‍රබල මතවාදයක් තිබිණ. මෙදා ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග‍්‍රහණයට හේතු වූයේ එම ප‍්‍රබල ජාතික මතවාදය නොවේද?
ජාතික බලවේගත් , ජේවීපියත් අතර ඇතිවූ මේ සුසංයෝගය රටට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද මහත් ඵල මහානිසංස අත්කර දුන් බව මගේ වැටහීමයි. 2000 වසරේ පැවති ඡන්දයෙන් ජේවීපියට ලබාගත හැකිවූයේ ආසන 10ක් පමණි. 2001 දී ශ‍්‍රීලනිප සමග එක්වී සාදන ලද පරිවාස ආණ්ඩුවට සහභාගී වීම නිසා ඉන්පසු පැවති මැතිවරණයෙන් ආසන 16ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. ඉන් ඉක්බිතිව 2005 දී ශි‍්‍රලනිපය සමග එක්වීම නිසා ආසන 42 ක් ලබාගැනීමට ජේවීපිය සමත් විය. ඒ සුසංයෝගයේ ගෞරවය හිමිවිය යුතු තැනැත්තා විමල් වීරවංශයි.
මේ සුසංයෝගය නිසයි 13 වන සංශෝධනය මගින් එක් කරන ලද උතුර සහ නැගෙනහිර වෙන් කරගත හැකිවූයේ. ඊට අදාළ නඩුව සඳහා නීතිඥයන් සොයා ගැනීමේ කාර්යය පැවරුණේ මා වෙතය. මගේ මිතුරන් වන එච්. එල්. ද සිල්වා, එස්. එල්. ගුණසේකර, ගෝමින් දයාසිරි යන දේශපේ‍්‍රමී නිතිඥයන් ඊට එක් කිරීමට මම සමත්වීමි. ඒ සඳහා අවශ්‍ය මුස්ලිම් පෙත්සම්කරු සොයාගනු ලැබුවේ විමල් වීරවංශ විසිනි. උතුරු නැගෙනහිර වෙන්කර ගැනීම ඒ සුසංයෝගය ලද මහා ජයග‍්‍රහණයක් විය.
2007 දී අයවැය ඉදිරිපත් කිරීමේදී මහින්ද රාජපක්ෂ රජය බේරාගනු ලැබුවේ මේ සුසංයෝගය විසිනි. එදා මහින්ද රාජපක්ෂ රජය පරාජය වූවා නම් ඒ රජය පමණක් නොව මුලූ රටමද පරාජය වනවා නිසැකය. ප‍්‍රභාකරන් පැරදවීමේ සටන එයින් ඉවර වන්නට තිබුණි. ප‍්‍රභාකරන්ට එරෙහිව සටන් වදින ලෙස රජයට බල කර සිටියේ මේ සුසංයෝගයයි.
ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශ සහ සෝමවංශ ජේවීපියෙන් ඈත් වීමත් සමග මේ සුසංයෝගය බිඳ වැටිණි. ජේවීපියේ ඡන්ද ප‍්‍රතිශතය අද වන විට 3% දක්වා පල්ලම් බැස ඇත්තේ එහි ප‍්‍රතිඵලය වශයෙන් නොවේද? ජේවිපිය අද මෙහෙයවනු ලබන්නේ මාක්ස්වාදය විසින් නොව අවස්ථාවාදය විසිනුයි. ඊනියා දූෂණ විරෝධී සායම අතුල්ලා ගැනීමෙන් ඒ අවස්ථාවාදය වසන් කළ හැකි නොවේ.
2010 දී විමල් වීරවංශ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ගෙනා යුද අපරාධ චෝදනාවලට එරෙහිව උපවාසයක යෙදුනේය. එවේලෙහි එය ඇතමුන්ගේ උසුළු විසුළුවලට භාජනය වූ හැටි අපි දුටුවෙමු. ඒ උසුළු විසුළුවල ප‍්‍රතිඵල දැන් අපි අත් විඳිමු. දැන් ඒ චෝදනා රට දෙකඩ කරන තත්ත්වයට වර්ධනය වී තිබේ. වීරවංශ එදා නැගූ විරෝධය මහා මහජන විරෝධයක් බවට පත් කළේ නම් මේ උවදුර අවම කර ගැනීමට අපට හැකිවන්නට තිබුණා නොවේද? සිය දුෂ්ට සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට පෙර විජාතික සතුරන්ට දෙවරක් සිතීමට සැලැස්විය හැකිව තිබුණා නොවේද? අප කළේ වීරවංශයන් නිගාවට ලක් කර පාලූ ගෙයි වළං බිඳීමට ඉඩදී ඔවුන් ඉදිරියේ දණ ගැසීමයි. එහි ප‍්‍රතිඵල දැන් අප අත් විඳිමු.
විමල් වීරවංශයන් අනුගමනය කළ ජාතික මතවාදය නිසා ඔහුත් මහින්ද රාජපක්ෂ රජයත් අතර මත ගැටුම් ඇතිවූ සැටි අපි දුටුවෙමු. රාජපක්ෂ රජය අනුගමනය කළ නව ලිබරල්වාදී ආර්ථිකය ඇතුළු සමහර ප‍්‍රතිපත්ති ඔහුගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. එවේලෙහි විමල් වීරවංශ ඒ රජය තුළ රැඳී සිටියේ රටේ ජාතියේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා යැයි මම සිතමි.
වීරවංශ ගෙන ගිය ඒ සටන ගෝඨාභය රාජපක්ෂ ජයග‍්‍රහණයෙන් මස්තකප‍්‍රාප්ත වී ඇතැයි සිතුවහොත් එය අතිශය මුලාවකි. ගෝඨාභය ජයග‍්‍රහණයෙන් සිදුවී ඇත්තේ ඒ සටනට අත හිත දෙන නායකයෙකු දේශපාලන කරලියට සම්ප‍්‍රාප්ත වීම පමණි. ජාතික සටනට වැඩි ඉඩ ප‍්‍රස්ථාවක් ඇතිවීම පමණි. ඒ ජාතිික සටන අඩපණ කිරීමට මෙරට පිටරට දෙරටේම සිටින සිියලූ සතුරු බලවේග තව ටික දිනකින් කල එළි බසිනු ඇත. මේ රජය තුළින්ම ඒවා මෝදු වන්නට පුළුවන. එබැවින් විමල් වීරවංශයන් ප‍්‍රධාන ජාතික බලවේගයන් මුහුණ පා ඇත්තේ නොනිමි සටනකටය. ඒ සටනට නායකත්වය දීමට විමල් වීරවංශයන් සූදානම් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ධෛර්ය, කැපවීම, ඔහු සතු වේවා යන්න අපගේ ප‍්‍රාර්ථනයයි.
සිය දේශපාලන දිවියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර භූමිකාවට විසි වසරක් පිරෙන මේ මොහොතේ අපි ඔබට සුභ පතමු.
සාහිත්‍යශූරී ආචාර්ය ගුණදාස අමරසේකර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...