සිරියාවේ අවසන් ISIS ත්‍රස්ත බලකොටුව වන ඉඩ්ලිබ් ප්‍රදේශය මුදවා ගැනීමේ මෙහෙයුම් වල යෙදී සිටින සිරියානු හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිටින ත්‍රස්තයන්ගේ සහයට පැමිණි තුර්කි හමුදාවේ සොල්දාදුවෝ 29 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පසුගිය සති කිහිපය පුරාම සිරියානු රජයේ හමුදා සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශය මුදවා ගැනීමේ මෙහෙයුම් වල යෙදෙනු අතර ඊට සමාන්තරව ත්‍රස්තයන්ගේ සහයට තුර්කි හමුදා සිරියානු දේශ සීමාව ආක්‍රමණය කරමින් සිරියාව තුළට තම භට පිරිස් මෙහෙය වීය. මෙහෙයුම් වල යෙදී සිටින සිරියානු හමුදා වලට ත්‍රස්තයන් විසින් දැවැන්ත ප්‍රහාර එල්ල කෙරුනු අතර රුසියානු හමුදාවල සහය සිරියානු හමුදාවලට ලැබෙන්නෙට විය.
මේ අතර තුර්කි පාලනය පවසා සිටින්නේ තම හමුදා සිරියානු භූමියෙන් ඉවත්ව යාමට නම් රුසියානු හමුදා සිරියානු හමුදා වෙත දක්වන සහය ඉවත් කරගත යුතු බවයි. තුර්කියේ ප්‍රකාශයට ප්‍රති උත්තර බඳින රුසියානු ආන්ඩුව පවසන්නේ යුද මුක්ත කලාපයක් බවට පත් කිරීමට එකඟවූ කාරනා තෘප්ත කිරීමට තුර්කිය බැඳීසිටින බවයි.
අමෙරිකානු හමුදා අත්හැර ගිය ISIS ත්‍රස්ත බලකොටුවක් වූ සිරියාවේ රක්කා ප්‍රදේශය තුළ බලය තහවුරු කරගැනීමේ කටයුතු වල රුසියානු මිලිටරි පොලීසිය යෙදී සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...