ව්‍යාපාරික පුවත්

ලංවිම දිනක පාඩුව කෝටි 26ක්

February 28, 2020 9:07 am | Lanka Lead News

කෙළවරපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදි නොකිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලය දිනකට රුපියල් කෝටි 26ක පාඩුවක් ලබන බව වාර්තා වෙයි.

2016 වර්ෂයේදී මෙම බලාගාරය ඉදිකිරීමට යෝජනා වුවත්, මෙතෙක් බලාගාරය ඉදි කර නොමැත. මෙගා වොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට මෙමගින් එක් කිරීමට නියමිතව ඇත. මෙම බලාගාරය ඉදිකර තිබුණේ නම් විදුලි බලය හදිසියේ මිලදී ගැනීමේ අවශ්‍යතාවක්ද පැන නොනගින බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ පෙරේදා (26 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීහු එක්ව සිටියහ. කෙළවරපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් මත ගැටුම් පැවැති අතර ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් එය නතර විය.

මෙම බලාගාරය ඉදි කිරීමෙන් පසු විදුලි බිලද අඩු කිරීමේ හැකියාව ඇතැයි පැවසේ. විදුලි ඒකයක් රුපියල් හතකට මෙහිදී නිෂ්පාදනය කළ හැකි බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More