වියතුන් දේශපාලනයට ගෙන ඒම යන්න ප්‍රායෝගික නොවන බොරු සංකල්පයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේ දැනටමත් මෙරට පරිපාලන කටයුතු සිදුකරනු ලබන්නේ වියතුන් විසින් බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, වියතුන් දේශපාලනයට එන මතය නිවැරදි කළ යුතු බවයි.
නැතිනම් ජනතාව වියතුන් රාජ්‍ය පාලනය තුළ නොමැති බවට විශ්වාස කරනු ඇතැයි ද පැවසු ඒ මහතා, රාජ්‍ය පාලනයට දමා ඇත්තේ වියතුන් බවත් පැවසීය.
ඒ නිසාවෙන් මෙවැනි බොරු සංකල්පවලට හසු නොවන ලෙසත් පැවසු ඒ මහතා, පාර්ලිමේන්තුවට ඉංජිනේරුවෙක් පැමිණි පමණින් ඔහුට පාරවල් සැකසිය නොහැකි බවත් කියා සිටියේය.
මෙවර නිර්මාණය කරනු ලබන්නේ බලය ඇති ඉංජිනේරුවරුන් බවත් පැවසු ඒ මහතා, පාර හදලා දෙන්න යන ප්‍රතිපත්තිය පමණක් පාර්ලිමේන්තු ඉංජිනේරුවාට පැවසිය හැකි බවත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...