ආරක්ෂක හමුදාවන්ගේ සාමාජිකයන් ලක්ෂ 02කට ‘විරුසර වරප්‍රසාද කාඩ්පත්’ නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.
මියගිය රණවිරුවන්ගේ පවුල් සහ ආබාධිත සොල්දාදුවන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයෝ මීට අයත් වෙති.
මෙම විරුසර කාඩ්පත ඔස්සේ ගනුදෙනු කිරීමේදී ඔවුන්ට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වට්ටම් ලබා ගැනීමේ හැකියාව ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෙම වැඩසටනේ පළමු පියවරේදී 44,500කට වැඩි පිරිසකට දැනටමත් කාඩ්පත් නිකුත් කර ඇත.
සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු කටයුතු, රක්ෂණ සහ ලීසිං කටයුතු මෙන්ම සාප්පු සවාරි සඳහා ද මෙම කාඩ්පත උපයෝගී කරගත හැකි වේ.
විරුසර කාඩ්පත් භාවිතයේදී ප්‍රතිලාභීන්ට ඇතිවන අපහසුතා මගහරවා ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මේ පිළිබඳව දැනටමත් දැනුම්දී ඇතැයිද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
දැනටම මීට දායක වන ආයතනවල ප්‍රදර්ශනය සඳහා ස්ටිකරයක් හඳුන්වා දී ඇති අතර ඉදිරියේදී ජංගම දුරකථන කෙටිපණිවුඩ සේවාවක් මේ වෙනුවෙන් හඳුන්වා දෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...