දේශීය පුවත්

වන්නි මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව හයදහසක් බවට බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා ඉදිරිපත් කළ රහස් වාර්තාව පිළිගැනීම මානව හිමිකම් කවුන්සිලය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.
මානව හිමිකම් කවුන්සිලය එම සත්‍ය රහස් වාර්තාව වෙනුවට පිළිගෙන ඇත්තේ කොටි ඩයස්පෝරාව සහ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ගොනුකළ මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව හතළිස් දහසක් (40,000 ක්* බව දැක්වෙන වාර්තාවයි.

වන්නි මෙහෙයුම සමයේ මෙරට සිටි බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක උපදේශක කර්නල් ඇන්ටන් ගෑෂ් විසින් මෙම රහස් වාර්තාව බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යවා තිබිණි.

සුකා විසින් ඇගේ වාර්තාව 2019 දී සංශෝධනය කරමින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව හතළිස් දහසේ සිට හැත්තෑපන්දහස දක්වා වැඩි කර ඇත.

මේ ගැන ලන්ඩන් නුවර සිට ඉරිදා දිවයිනට ප‍්‍රකාශයක් කළ නේස්බි සාමිවරයා පැවසුවේ ඇය බොරු වාර්තා ඉදිරිපත් කර මානව හිමිකම් කවුන්සිලය රවටන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More