ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණය සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පත්කරන නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කරන බව එම සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ පැවසීය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු කරුණුවලට අමතරව අපරාධ චෝදනා එල්ල වූවන්ට පමණක් නාම යෝජනා ලබා නොදීමට තීරණය කර ඇත.
මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පසුගිය සතියේදී බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡා කර ඇති අතර එම පක්ෂ ඉදිරිපත්වන දිස්ත්‍රික්ක පිළිබඳ සාකච්ඡා කර ඇත. එම තීරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක නායකයන් සමගද සාකච්ඡා කිරීම ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් යාපනයට හා මඩකළපුවට හැර සියලුම දිස්ත්‍රික්කවලට ඉදිරිපත් වීමට තීරණය කර ඇත. එම දිස්ත්‍රික්කවලටද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පොදු ලාංඡනයක් යටතේ ඉදිරිපත්වීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...