වතිකානුවේ හිටපු ඉරාන තානාපතිවරයෙකු මෙන්ම කීර්තිමත් දේව ගැතිවරයෙකු වූ හාඩි කොසොර්වොෂි මහතා පසුගිය 27 වනදා COVID -19 වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය බව ඉරාන ප්‍රවෘත්ති සේවා පවසයි.මිය යන විට ඒ මහතා 81 වියේ පසු වූ බව ඉරාන ප්‍රවෘත්ති සේවා වැඩිදුරටත් පවසා සිටී. ඉරානයේ COVID -19 වෛරසය හෙතුවෙන් මියගිය ඉහළම රාජ්‍යය තාන්ත්‍රිකයා ඔහු බව ඉරාන රජය පවසයි. චීනයෙන් පිටත ලෝකයේ අනෙකුත් රටවලට COVID -19 වෛරසය පැතිරුනු නමුදු රජයේ සේවකයන් දේශපාලඥයන් සහ වෙනත් වැදගත් ජාතික නායකයන් හට වෛරසය ආසාදනය වූ එකම රට බවට පත්වූයේ ඉරානයයි.
මේ වන විට ඉරානයේ නියෝජ්‍යය සෞඛ්‍යය ඇමතිවරයා, කාන්තා සහ පවුල් කටයුතු පිළිබඳ නියෝජ්‍යය සභාපතිවරයා,පාර්ලිමේන්තු කටයුතු සහ විදේශ සබඳතා පිලිබඳ ප්‍රධානියා ඇතුළු තවත් රාජ්‍යය නිළධාරීන් රැසක් COVID -19 වෛරසය ආසාදනයට ලක්ව ඇති බව ඉරාන රජය ප්‍රකාශ කරයි. පසුගිය 27 වනදා වනවිටCOVID -19 වෛරසය ඉරාන වැසියන් 245දෙනෙකුට ආසාදනය වී 26 දෙනෙකු මිය ගොස් ඇති අතර වෛරසය ආසාදිතයන් අඩුම තරමින් 24 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුව වී ඇති බව එරට සෞඛ්‍යය අංශ වාර්තා පෙන්වා දෙයි.
මේ අතර ඉරානය තුළ COVID -19 වෛරසය කර්කෂ වසංගත තත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි පවසන මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පාසල්, විශ්ව විද්‍යාල සහ ෂීට් වරුන්ගේ සමහර ආගමික මධ්‍යස්ථානද වසා දමන්නට ඉරාන රජයට සිදුවී ඇති බවයි.
මේ අතර ඉරාන ජනාධිපති හසන් රොහානි මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ඉරාන නගර නිරෝධායනය පිණිස වසා දමා ඇති බවට ගෙනයන ප්‍රචාර වසංගතය දේශපාලන අවියක් ලෙස යොදා ගැනීමට සතුරන් ගන්නා නිහීන උත්සාහයක් බවයි.
අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට මානුෂීය ආධාර පිරිනැමීමට සූදානම් බවට ඉරානයට දන්වා ඇති අතර මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යයවරයා පවසා සිටියේ අමෙරිකාව ඉරානයට එරෙහිව සම්බාධක පනවමින් ඉරාන දේශය බිඳ වැට්ටවීමට කටයුතු කරමින් COVID -19 වෛරස ආසාදිතයන් සුවපත් කිරීමට මානුෂීය ආධාර සැපයීම විහිලුවක් බවයි.
COVID -19වෛරසය මේ දක්වා ලෝකය පුරා වෙසෙන ජනතාවගෙන් 82,000කට පමණ වැළඳී ඇති බව පැවසේ.ලෝක ආර්ථිකයට මෙන්ම ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ටද COVID -19 වෛරසය දරුනු ලෙස බලපා තිබේ. දේශ සීමාවන් වසා දැමීමට මෙන්ම දේශ සීමා ආශ්‍රිත මාර්ග වසා දැමීමටද රටවල් කටයුතු කර ඇති අතර සෞදි අරාබිය මුස්ලිම් වරුන්ගේ ඉහළම වන්දනාවට පාත්‍ර වූ මක්කම සහ මදීනා නගර වලට ඇතුළු වීම බැතිමතුන්ට සීමා කිරීමටද කටයුතු කළේය.
ජාත්‍යන්තර මුල්‍යය අරමුදල පවසා සිටින්නේ චීනයේ ආර්ථිකය 0.6%කින් පහත වැටීමට නියමිත බවයි.ඔක්ස්ෆර්ඩ් ආර්ථික විශ්ලේෂකයන් පවසා සිටින්නේ ලෝකයේ දළ දේශීය නිෂ්පාදනය COVID -19 වෛරසය හේතුවෙන් ඩොලර් ට්‍රිලියන 1.1කින් පහත වැටීමක් අපේක්ෂා කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...