දේශීය පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

මාර්තු මස 3 වනදා ඔවුන්ට මෙලෙස කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, සහකාරපොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන මහත්වරුන්ට මෙලෙස නොතීසි නිකුත් කර ඇති බව සඳහන්.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ ඊයේ දිනයේ වයඹ නාවික කලාපය භාර ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා සාක්ෂි ලබාදුන්නේය.

එම සාක්ෂිවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි නොතීසි නිකුත් කර ඇත්තේ.

දසනායක මහතා මෙම කොමිසම හමුවේ පෙනී සිටි දෙවන අවස්ථාව මෙය වන අතර එහිදී ඔහු පවසා සිටියේ තරුණයින් 11 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට අදාලව තමා අත්අඩංගුවට ගැනීම තුළින් තමාට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවයි.

තමන්ව අත්අඩංගුවට ගැනීමේදී එය අධීක්ෂණය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ල වී ඇති ඇතැම් චෝදනාවලට එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ප්‍රකාශ කරන ලෙස තමන්ට සහ බිරිඳට බලපෑම් කළ බව ද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More