දේශීය පුවත්

ජාතික සංවිධාන වල සහ පොදු මහජනතාවගේ විරෝධතා සැලකිල්ලට ගනිමින් දේශීයව කටුපොල් වගාව  වර්ධනය කිරීම සඳහා යම් පාර්ශව විසින් ගනු ලැබූ උත්සහාය නැවැත්ත්වීවීම  පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ට දේශහිතෛහී ජාතික ව්‍යාපාරය  සිය ස්තූතිය සහ ගෞරවය පුද කර සිිටියි.

මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින් –

විවිධ සමාජ ක්‍රියාකාරීන්ගේ ජාතික සංවිධාන වල සහ පොදු මහජනතාවගේ විරෝධතා සැලකිල්ලට ගනිමින් දේශීයව කටුපොල් වගාව හෙක්ටයාර් 20,000 ක් දක්වා වර්ධනය කිරීම සඳහා යම් පාර්ශව විසින් ගනු ලැබූ උත්සහාය නැවැත්ත්වීවීම  පිළිබඳව පලමුවෙන්ම ඔබතුමා වෙත අපගේ ස්තූතිය සහ ගෞරවය පුද කිරීමට කැමැත්තෙමු.

ඒ ආකාරයට ව්‍යාපාරිකයින්ගේ අයුතු බලපෑම් වලට අවනත නොවී සෘජු සහ යුක්තිගරුක තීන්දු ගැනීම මඟින් සමස්ථ ජනතාවට ඉතා සුවිශේෂි පණිවිඩයක් ලබා දී ඇත.

ඒ අතර දැනට පවතින හෙක්ටයාර් 10,000 ක කටුපොල් වගාව මඟින් තෙල් ලබා ගැනීම සඳහා ඉතා ප්‍රාථමික සහ නොදියුණු තාක්ෂණයන් යොදාගැනීම නිසා බරපතල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් සහ පාරිසරික ප්‍රශ්ණයක් පැන නැගී ඇත.

එම කර්මාන්තශාලා 02 මඟින් නිකුත් කරන අපද්‍රව්‍ය කොළඹ මළඅපවහන පද්ධතියට මුසු කොට නීති විරෝධීව මහ මුහුදට මුදා හරින අතර ආහාරයට ගැනීම සඳහා වෙළඳපළට නිකුත් කරන තෙල් වල ප්‍රමිතිය සහතික කිරීමක් සිදුවන්නේ නැත.

එම නිසා එම තෙල් වල පිළිකාකාරකයක් වන ” ග්ලිසිඩොල් ” නැමැති කාබනික රසායනය විශාල වශයෙන් අඩංගු විය හැක. ඒ අනුව ඒ පිළිබඳව ද සොයා බලා වහා පිළියම් යොදනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

ගුණදාස අමරසේකර ,

සභාපති.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය.

කටුපොල් විරෝධයේ පිය සටහන් –

පාම් තෙල් කාරයින් තෙවරප්පෙරුම මුදලට ගත් හැටි මෙන්න.

පාම් තෙල් කාරයින් තෙවරප්පෙරුම මුදලට ගත් හැටි මෙන්න.

Gepostet von Lanka Lead News am Samstag, 29. Februar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More