අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඒරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමේ වගකීම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාට පැවරීමට අද (06) දින තීරණය කෙරිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතවයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සමගත් එක්සත්ජාතික පක්ෂයේ කණ්ඩායමත් සමගත් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බවද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
එසේ සාකච්ඡා කොට ඔවුන්ගේද සහයෝගය ඇතිව අග්‍රාමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
එම සාක්ච්ඡාවලින් අනතුරුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...