පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගැසට් නිවේදනය අද (2 වැනිදා) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණය සඳහා යැවීමට නියමිතය. ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවෙනු ඇත.
පාර්ලිමේන්තුව අද (2 වැනිදා) විසුරුවා හැරියහොත් මාර්තු මස 12 ත් 19 ත් අතර නාමයෝජනා කැඳවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනයේ සිට දින 52 ක් සහ 66 ක් අතර කාලයේදී ඡන්ද විමසීම පැවැත්විය හැකිය. ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් මස 22 වැනිදාට පසුව මැයි මස 4 වැනිදා හෝ එදිනට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.
මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවර මහා මැතිවරණය සඳහා මේ වනවිට මූලික කටයුතු අරඹා ඇතැයිද කොමිෂන් සභාව කියයි.
2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය අනුව ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අසූ පහකි. 2018 වසරේ ඡන්ද නාම ලේඛනයට වඩා 271,789 දෙනකු මහා මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.
මෙවර මහා මැතිවරණයේ විශේෂත්වයක් වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුරයක් ඉවත්වී එය බදුල්ල දිස්ත්‍රික්කයට එකතු වීමය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ජනාධිපතිට ජනාධිපති වීමට බාධා කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට පටහැනිව ක්‍රියාත්මක කරන 19වන ව්‍යවස්ථා සංශෝධනය රැක ගැනීම වෙනුවෙන්ද? 19න් පාර්ලිමේන්තුව විසිරීම කරන්නේ ඒ නිසාද?