නෙළුම් පොකුණ රඟහලේ දී අද (2 වැනිදා) පැවැත්වෙන සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවයට පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය සහභාගි නොවීමට තීරණය කර ඇත.
රනිල් පිල අලියා ලකුණින් වෙනම තරග බිමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (1 වැනිදා) පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
මාස දෙකකට පෙර පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව ලබාදෙන ලෙස දැනුම් දී ඇත. නමුත් මෙතෙක් ව්‍යවස්ථාව ලබාදී නොමැති හෙයින් පක්ෂයක් ලෙස මෙම තීරණය ගැනීමට හේතු වී ඇත. සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ ගැටලුව නොවිසඳීම තවත් හේතුවක් වෙයි. කෙසේ වෙතත් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පිරිසට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී තීරණය කර තිබේ. ඉදිරි මහ මැතිවරණයට ‘අලියා’ ලකුණෙන් ඉදිරිපත් වීමටද මෙම සාකච්ඡාවේදී තීන්දු කර ඇත.
මහ මැතිවරණයේ අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නාම යෝජනා මණ්ඩලය ඊයේ (1 වැනිදා) සිට රැස්වී සිය අපේක්ෂකයන් තේරීමද ආරම්භ කර ඇත.
රජයට විරුද්ධව උද්ඝෝෂණය සහ වර්ජනය ක්‍රියාත්මක කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීන්දු කර ඇත. ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඩුවුවත් එහි වාසිය ජනතාවට ලබාදීමට වත්මන් රජය අපොහොසත් වීම කෙරෙහි පළමු උද්ඝෝෂණය දීපව්‍යාප්තව සිදුකිරීමට නියමිතය.
මේ අතර සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් සමගි ජාතික බලවේගය නිල වශයෙන් එළි දැක්වීමේ උත්සවය පැවැත්වෙන අද (2 වැනිදා) දිනයේ එම වේලාවටම එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිත රැස්වීමක් කැඳවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත. සිරිකොත වාර්තා සඳහන් කරන ආකාරයට එජාප නායකයා මෙම රැස්වීම පිළිබඳ තීරණය පළාත් පාලන නියෝජිතයන්ට දැනුම් දී ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේදීය. තමා සභාපතිත්වය දරන සමගි ජාතික බලවේගය සන්ධානය ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මාර්තු 2 වැනිදා නිල වශයෙන් එළිදක්වන බවත් ඊට එක්වන සියලුම පක්ෂ සමග එදිනම ගිවිසුම් අත්සන් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සතියේදී ප්‍රකාශ කළේය. එසේම විපක්ෂ නායකවරයා සහ යෝජිත නව සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර විසින් පසුගිය බදාදා දිනයේ සිය සන්ධානය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වන ලෙස එජාප නායකයා හමුවී නිල වශයෙන් ආරාධනයක්ද සිදු කළේය.
එජාප නායකයා විසින් මෙම පළාත් පාලන නියෝජිත හමුව අද (2 වැනිදා) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කැඳවා ඇත්තේ එවැනි පසුබිමකය. එසේම නව සන්ධානය එළිදැක්වීමේ උත්සවය පැවැත්වෙන වේලාවට සමගාමීව පෙරවරු 10.30 ට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් විසින්ම එජාප මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා ඇත. මේ අතර ඊයේ (1 වැනිදා) සිරිකොතේදී පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සඳහන් කළේ එජාප නායකයා කැඳවා ඇති පළාත් පාලන නියෝජිත හමුව පෙර සිටම කරන ලද සූදානමකට අනුව පැවැත්වෙන්නක් බවයි. එසේම නව සන්ධානය එළිදැක්වීමේ උත්සවය සඳහා තමන්ට ආරාධනා ලැබුණේ පෙබරවාරි 29 වැනිදා බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...