විදේශ පුවත්

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ ස්ථානගතව තිබෙන ISIS ත්‍රස්තවාදීන්ගේ අවසාන බලකොටු විනාශ කිරීමේ මෙහෙයුම් වල යෙදී සිටින සිරියානු රජයේ හමුදාවලට රුසියානු රජයේ සහයෝගය ලැබේ. නමුත් තුර්කිය ඉඩ්ලිබ් ප්‍රදේශයේ ISIS ත්‍රස්තයන්ට සහයෝගය පලකිරීමේ මෙහෙයුමක නිරතව සිටී. ගැටුම තීව්‍ර කරමින් සිරියානු ගුවන් හමුදා ප්‍රහාරයකින් තුර්කි හමුදා සෙබළු තිහකට වැඩි ප්‍රමානයක් මියගිය අතර ප්‍රහාරය සිදු කිරීමට සිරියානු හමුදාවට රුසියානු හමුදාවේ දැවැන්ත සහයෝගයක් ලැබුනි.

මේ හේතුවෙන් තුර්කි ජාතිකවාදීහු රුසියාව සමඟ දැවැන්ත වෛරයකින් පසුවූහ.එහි ප්‍රතිඵලයක් ලෙස තුර්කියේ ස්පුට්නික් මාධ්‍යය ආයතනයට තුර්කි ජාතිකවාදීහු පසුගිය සෙනසුරාදා ප්‍රහාරයක් එල්ල කළ අතර ස්පුට්නික් මාධ්‍යයවේදීහු ආරක්ෂාව පතා ඇන්කාරා නුවර තුර්කි පොලිසිය වෙත ගියහ. තුර්කි පොලිසිය මාධ්‍යයවේදීන්ට ආරක්ෂාව දෙනවාවෙනුවට ඔවුන් සියලු දෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
එසේම ඔවුන් අත් අඩංගුවට ගෙන පැයකිහිපයකට පසු ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවීය.

තුර්කි මාධ්‍යයවේදීන්ගේ වෘත්තීය සංවිධාන හතක් මෙන්ම යුරෝපයේ වෙනත් මානවහිමිකම් සංවිධානද ස්පුට්නික් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අතර රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්‍රොව් තුර්කි විදේශ ඇමතිවරයා සමඟ ස්පුට්නික් මාධ්‍යයවේදීන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්හ.

එහි ප්‍රතිඵලයක් ලෙස ස්පුට්නික් මාධ්‍යවේදීන් නිදහස් කිරීමට පියවර ගෙන තිබුනි.ස්පුට්නික් මාධ්‍යයවේදීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පල කළ තුර්කි මාධ්‍යයවේදීහු පිරිසක් පවසා සිටියේ තුර්කි-සිරියා ගැටුමට තුඩුදී තිබෙන තුර්කියේ හයාත් ප්‍රාන්තය සම්බන්ධයෙන් ස්පුට්නික් සඟරාවේ පළවූ ලිපියක් හේතුවෙන් ස්පුට්නික් මාධ්‍යයවෙදීන්ට ප්‍රහාර එල්ල වන්නට ඇති බවයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More