ව්‍යාපාරික පුවත්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිමකිරීම සඳහා විදේශ ණය, භාණ්ඩාගාර බැඳුම්කර හෝ ණයකර මගින් රුපියල් බිලියන 600 ක මුදලක් ලබාගැනීමට රජය සූදානම් වන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනාවරණය කරයි.

ව්‍යාපෘතියේ කොටස් සඳහා අරමුදල් සම්පාදනය කරගැනීමට මුලින් එකඟතා ඇතිකරගත් ජපානය සහ චීනය සමග පැවැති සාකච්ඡාවලින් ඉවත්වීමට මෙරට රජය හා අදාළ රටවල් යන දෙපාර්ශ්වයම තීරණය කිරීමෙන් අනතුරුව අදාළ තීරණයට රජය එළඹ ඇතැයි පැවැසේ.

ගෝලීය ආර්ථිකය අයහපත් වීමට සාපේක්ෂව මෙරට ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම හමුවේ මහා පරිමාණ ව්‍යාපෘති කිහිපයක්ම අත්හිටුවීමට රජය තීරණය කර ඇති නමුත් නිම කිරීමට වසර 5 කට වඩා වැඩි කාලයක් ගතවන ව්‍යාපෘති සඳහා අරමුදල් රැස්කිරීමට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන්නේය. මධ්‍යම අධිවේගයේ දඹුල්ල – කුරුණෑගල කොටස ඉදිකිරීම සඳහා මීට පෙර රජය චීනය සමග එකඟතාවකට එළඹ තිබුණු අතර එම කිලෝමීටර් 60 ක කොටස සඳහා චීනයේ එක්සිම් බෑන්ක් (Exim Bank) හරහා ණය මුදල් ලබාදීමට එකඟතාව පළව තිබිණි. එහෙත් අදාළ ණය මුදල නිදහස් කිරීම තවත් වසර 3 කින් කල් යෑම හේතුවෙන් අධිවේගයේ අදාළ කොටස වෙනුවෙන් විදේශ ආයෝජකයන්ගෙන් රුපියල් බිලියන 168 ක මුදලක් සම්පාදනය කරගැනීමට රජය සූදානම් වේ.

මධ්‍යම අධිවේගයේ පොතුහැර – ගලගෙදර කොටස සඳහා වන කිලෝමීටර් 32 ක දුර ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 165 ක් සම්පාදනය කරගැනීමට පසුගිය ආණ්ඩුව ජපානය සමග එකඟතාවක් ඇතිකර ගෙන තිබුණු නමුත් එම ණය මුදල වෙනුවෙන් දැඩි කොන්දේසි පැනවීම හේතුවෙන් ඇතිවූ අර්බුදයක් මත ඒ සඳහාද මුදල් සම්පාදනය කරගැනීමට වෙනත් මූලාශ්‍ර වෙත අවධානය යොමු කිරීමට රජය කටයුතු කර තිබේ.

අධිවේගයේ කඩවත – මීරිගම දක්වා දුර ආවරණය කිරීම සඳහා දැනටමත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබාදීමට චීනය සමග ගිවිසුම් අත්සන් කර ඇති නමුත් ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ඊට සම්පාදනය කරන මුදල් කොටස ප්‍රමාදවීම හේතුවෙන් චීන ණය මුදල සක්‍රිය කිරීමේ අපහසුතාවක් පැන නැගී ඇතැයි වාර්තා වේ.

මේ ගැටලුකාරී තත්ත්වයන් සලකා බලමින් මධ්‍යම අධිවේගයේ අදාළ කොටස් සම්පූර්ණ කිරීම සඳහා නව විදේශ මූලාශ්‍ර මෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර හෝ ණයකර කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කර ඇතැයි මහ බැංකු වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More