දේශීය පුවත්

මේ වන තෙක් පැවැති කිසිදු ආණ්ඩුවක් ප්‍රතිපත්තිගරුකව ක්‍රියා නොකළ බවත්, ප්‍රතිපත්ති ගරුකව රට කළ හැකි එකම දේශපාලන ප්‍රවාහය ජාතික ජන බලවේගය බවත් එහි නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ පෙරේදා (29 වැනිදා) පැවැති ජන හමුවකදීය.

ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තෝරා ගත යුත්තේ සෑම විටම ජනතාව නියෝජනය කළ අය පමණක් බවද හෙතෙම කීවේය.

එවැනි නියෝජිතයන් සිටින්නේ ජාතික ජන බලවේගයේ පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කී‍වේය.

‘‘රටේ මේ වන විට පවතින දේශපාලනය සුද්ද කරන්න ඕනෑ. අපේ රටේ පාර්ලිමේන්තුව කියන්නේ වංචනිකයන්ට, අපරාධකරුවන්ට මඟ පෙන්වන මධ්‍යස්ථානයක්. අඩුම තරමේ මේ රජය ප්‍රතිපත්තිවලින් තියා මුහුණුවලින්වත් වෙනස් වෙලා නැහැ.

දැන් නිමල් සිරිපාල, එස්.බී. දිසානායක, මහින්ද අමරවීර, ඩිලාන් පෙරේරා සහ සුසිල් ප්‍රේමජයන්ත වගේ අය හැම ආණ්ඩුවෙම ඇමැතිවරු. ඒ නිසා රටේ ජනතාව නව බලාපොරාත්තු තියාගෙන ආණ්ඩු පිහිටෙව්වට වැඩක් නැහැ. මෙම වසරේ නොවැම්බර් පැවැත්විය යුතු මැතිවරණය මාර්තුවල තියන්නේ ඇයි? පහු පහු වෙනකොට වැඩේ කොහු කොහු වෙන නිසා තමයි මේ මැතිවරණය කලින් තියන්නේ.

වත්මන් රජයේ තියෙන ප්‍රසාදය එන්න එන්නම අඩු වෙනවා. හැබැයි අපිට අවශ්‍ය විපක්ෂය එක්සත් ජාතික පක්ෂයෙන් හදන්න බැහැ. ඒ නිසා ශක්තිමත් විපක්ෂයක කාර්ය භාරය කළ හැක්කේ ජාතික ජනබලවේගයට පමණයි. වැනෙන්නේ නැති, ෆයිල් නැති, පනින් නැති, විකිණෙන් නැති, ප්‍රතිපත්ති පාවා දෙන්නැති විපක්ෂයක් අවශ්‍ය නම් මේ රටේ ජනතාව තෝරාගත යුත්තේ ජාතික ජනබලවේගයයි.

අවුරුදු 72ක් මේ පාලකයන් මේ රට පාලනය කළාට ආර්ථික වශයෙන් කළ හැකි උපරිම විනාශය කරලා අවසන්. මේ වසරේ පමණක් ණය පොලිය වාරිකය රුපියල් බිලියන 1700ක්. දේශීය ණය කෝටි අසූදාහයි. ​විදේශීය ණය කෝටි අනූදාහයි. එ නිසා මේ දේශපාලනය පිරිසුදු කළ යුතුයි. මෙතෙක් ජනතාවට යම් සහනයක් ලැබුණද ඒ හැම සහනයක්ම මැතිවරණයෙන් පසු කප්පාදු වෙනවා.

ඒ සංඥාව මෙයාලා දීලා ඉවරයි. ඡන්දයක් අත ළඟ තියාගෙන මෙහෙම කරනවා නම් ඡන්දයෙන් පස්සේ මොනවා වෙයිද කියල හිතාගන්න පුළුවන්. එතකොට අපි ඡන්දයේදී කළ යුත්තේ මේ රජය පරාජය කළ හැකි ශක්තිමත් විපක්ෂයක් හැදීමයි.



One thought on “පාර්ලිමේන්තුව වංචනිකයන්ට, අපරාධකරුවන්ට මගපෙන්වන මධ්‍යස්ථානයක් – අනුර”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More