දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර නව ආණ්ඩුවක් පිහිටුවීමේ සටන දිගටම ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර යන මහත්වරු ප්‍රකාශ කරති.

අද (06)දින පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් වෙන වෙනම හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් අවශ්‍ය තීරණාත්මක අවස්ථාවේදී ඊට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් මෙම අමාත්‍යවරුන් දෙදෙනා ප්‍රකාශකර තිබෙන බවද වාර්තා වේ.

සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශකර තිබෙන්නේ ඒකාබ්ද්ධ විපක්ෂයේ පාර්ලිමේනතු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු හමුවූ අවස්ථාවේදීය.

පාලිත රංගේබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන්කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර මහතා ඇතුළු පිරිසක් හමුවූ අවස්ථාවේදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More