තුර්කි ජනපති රිසෙප් තායෙප් එර්ඩොගාන් මහතා සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මහතා අතර සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් එළඹෙන මාර්තු 5 වනදා පැවැත්වීමට නියමිත සාකච්ඡා වලින් පසුව එම ප්‍රදේශයේ සටන් විරාමයක් ගොඩ නැගෙනු ඇති බවට විශ්වාසය ඇති බව තුර්කි ජනාධිපතිවරයා අන්කාරා නුවර පැවැති උත්සවයකදී ප්‍රකාශ කර සිටියේය.
“අපි ඉඩ්ලිබ් පලාතේ ගොඩ නැගෙන තත්වය පිළිබඳව තක්සේරුවකට පැමිණෙනවා.ඉන්පසුව මා විශ්වාස කරනවා අපට හැකි වේවි සටන් විරාමයක් හෝ ඉන් නොනැවති තවත් ඉදිරියට යාමට අවශ්‍යය අඩිතාලම දැමිය හැකි වේවි කියා. ඒ වගේම අපි ඒ සඳහා උත්සුක වෙනවා.” යැයි උත්සව සභාව අමතමින් තුර්කි ජනපතිවරයා කියා සිටියේය. වාර්තා වන ආකාරයට ක්‍රම්ලිනයද සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ගැටුම් නැවැත්වීම සම්බන්ධයෙන් බලවත් බලාපොරොත්තු තබාගෙන තිබේ.
සිරියාවේ නීත්‍යානුකූල හමුදාවට එරෙහිව සටන් කරන ත්‍රස්ත කන්ඩායම් වලට තුර්කියේ සහයෝගය ලැබෙන අතර පසුගියදා සිරියානු රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් තුර්කි හමුදා සෙබළු 34 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. එනිසාම තුර්කි රජය බලවත් ලෙස කිපුනු අතර සිරියානු හමුදාවල සියළුම අණු ඛන්ඩ තුර්කි හමුදාවේ ඉලක්ක බවට පත්වන බව පවසා සිටියේය.මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ මොස්කව් පාලනය පවසා සිටියේ තුර්කි හමුදා ත්‍රස්ත කන්ඩායම් සමඟ මිශ්‍ර වී සිටි බැවින් සිරියානු හමුදාවල ඉලක්ක බවට පත්වූ බවයි. එසේම තුර්කි හමුදා අණ දෙන නිළධාරින් තම භට කන්ඩායම් වල ක්‍රියාකාරකම් නිවැරදිව රුසියානු හමුදාවලට දැන්වීමට කටයුතු නොකළ බවයි.
තත්වය උග්‍ර අතට හැරෙන විට තුර්කි ජනාධිපතිවරයා තර්ජනය කරමින් කියා සිටියේ රුසියානු හමුදාවලට වහාම ගැටුමට මැදිහත් වීමෙන් වැලකී ඉවත්වන ලෙසයි. තවදුරත් අදහස් දක්වමින් තුර්කි ජනාධිපතිවරයා අවධාරනය කරනු ලැබුවේ ඉඩ්ලිබ් පලාතේ මානුෂීය අර්බූදයක් ඇතිවීම වැලැක්වීම සඳහා සිරියාවේ අසාද් පාලනය බිඳ දැමිය යුතු බවත් එසේ නොවුනහොත් අනිවාර්යෙන්ම ඉඩ්ලිබ් පලාතේ වැසියන් හොර රහසේම තුර්කියට ඇතුලු වීම වැලැක්වීම කළ නොහැකි වනු ඇති බවයි.
තුර්කිය, සිරියාවේ ඇතිවී තිබෙන තත්වයට මැදිහත්වීමෙන් පසුව ඇතිවී තිබෙන අවුල් සහගත තත්වය සමනය කර ගැනීම පිණිස නේටෝ සංවිධානයේ රටවල් මැදිහත් කරගත යුතු හෙයින් ඊයේ සිට තුර්කි දේශ සීමා විවෘත කිරීමට කටයුතු කළ අතර එනිසාම දහස් ගනන් සරණාගතයෝ තුර්කි දේශසීමාව තරණය කරමින් යුරෝපයට සේන්දු වෙමින් සිටී.
මේ අතර සිරියානු හමුදා මුදාගත් සිරියාවෙ ඉඩ්ලිබ් ප්‍රදේශයේ උපක්‍රමික වශයෙන් වැදගත් ප්‍රදේශ වූ සාරාකෙබ් ප්‍රදේශයේ රුසියානු මිලිටරි පොලිසිය ස්ථානගත වෙමින් සිටී.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...