ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අරමුණු සහ පරමාර්ථවලට ඔහු බලාපොරොත්තු වන දේශපාලන සංස්කෘතියට ගැළපෙන මිනිසුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් ඉදිරි මහ මැතිවරණයෙන් පසු නිර්මාණය වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරයි.
ඔහු මේ බව කිටා සිටියේ උත්සව අවස්තාවක් අමතමිනි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ලද ‘උකුසු’ ප‍්‍රකාශයටද ඔහු එහීදී ප‍්‍රතිචාර දැක්වීය.
“උකුස්සක් රජ කරත්දි කොරෝනා ආවා නම් හැසිරෙන ආකාරය බලා ගන්න තිබුණා. පාස්කු ප‍්‍රහාරය දැනගෙන සිටි උකුස්සන් එය වළක්වා නොගෙන බකන් නිලාගෙන හිටියා.”
මීළඟ මහ මැතිවරණයේදී උකුස්සන් හා කටුස්සන් ගෙදර යැවිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දී තිබෙන ආදර්ශය අනුව රටට අවශ්‍ය කරන රට වෙනුවෙන් කැපවන පුද්ගලයන් පාර්ලිමේන්තුව එවීමට ජනතාව තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...