ව්‍යාපාරික පුවත්

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කැළිකසල ගැටළුවට තිරසර විසඳුමක් ලබා දෙමින් ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙගවොට් 10ක විදුලිබලය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

කෙරවලපිටිය නාගරික ඝන අපද්‍රව්‍ය ආශ්‍රිතව විදුලි ජනනය කිරීමේ ව්‍යාපෘතිය පුද්ගලික සමාගමක් විසින් ආරම්භ කර ඇති අතර එමගින් නිපදවන විදුලි බලය මිල දී ගැනීමට ලංකා විදුලි මණ්ඩලය තීරණය කර ඇත.

මෙම විදුලි බලාගාරය ඉදි කිරීම් කටයුතු දැනට අවසන්ව තිබෙන අතර එහි විදුලිය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය. විදුලි බල හා බළශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැති රැස්විමක දී අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ කැළි කසල ගැටළුවට මෙමගින් තිරසාර විසඳුමක් ලැබෙන බවයි.

දැනට කොළඹ නගර සීමාව තුළ පමණක් දිනකට කසල ටොන් 550-600ත් අතර ප්‍රමාණයක් එකතු වේ. එහෙත් මෙම බලාගාරය මගින් විදුලිය නිපදවීම සඳහා දිනකට කසල ටොන් 1000ක් අවශ්‍ය වේ. කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් ඝන අපද්‍රව්‍ය සියල්ලම ලබා ගැනීමට මේ වනවිටත් කොළඹ නගර සභාව සමග හා පළාත් නාගරික අධිකාරිය සමග ගිවිසුම් ගත වී තිබේ.

නමුත් කොළඹ නගර සීමාවේ කැලිකසල ප්‍රමාණවත් නොවන හෙයින් ගම්පහ හා මොරටුව නාගරික බල ප්‍රදේශවලින් කැලිකසළ තවත් ටොන් 400ක් ලබා ගැනීමට නාගරික ඝනඅපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය හා අනෙකුත් ආයතන සමග ගිවිසුම් ගතවීමට ද නියමිතය.

මෙම බලාගාරයෙන් මෙගවොට් 10ක විදුලිබලයක් නිපදවීමට නියමිත අතර එම කටයුතු මැයි මාසයේ සිට ඇරඹීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More