ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය නමින් එම සංවිධානයේ ලේකම් ඉන්දික කළුආරච්චි මහතා විසින් අප වෙත යොමුකොට ඇති ලිපියක් අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න විසින් විදේශීය කිරි පිටි සමාගමකට වාණිජ්‍ය වාසි අත්වන ලෙස තම තනතුර සහ ආයතනය භාවිතාකොට ඇති බවට චෝදනාවකට ලක්වේ.
එම ලිපිය මගින් තොරතු දැනගැනීමේ අයිතිය යටතේ ඉල්ලා ඇති තොරතු ඇය විසින් ලබා නොදෙන්නේනම් තොරතුරු කොමිසමට පැමිණිලි කරන බවද ඉන්දික කළුආරද්දි මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අතිගරු ජනාධිපතිවරයාට යොමු කර ඇති එම ලිපිය පහතින් –
2020 පෙබරවාරි මස 29 වන දිනදී ය
ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය
අධ්යක්ෂ ජෙනරාල්
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
මහත්මියනි
“ඇන්කර් කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක නැහැ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කරයි” මැයෙන් පළවන ප්‍රවෘත්තිය/දැන්වීම/නිවේදනය සම්බන්ධවයි.
ඉහත මැයෙන් ලංකාවේ ප්‍රධාන පුවත්පත්වලත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවලත් පළවන ප්‍රවෘත්තිය/දැන්වීම/නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවමු. (අදාල උපුටාගැනීම් කිහිපයක් මේ සමග අමුණා ඇත.)
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් සමාගමේ නිවේදනයක් ලෙස අවසානයේ සදහන් කරමින් නමුත් ඒ ප්‍රවෘත්තිය/දැන්වීම/නිවේදනය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිල ප්රකාශනයක් ලෙස ඇගවෙමින් මේ වන විට සංසරණය වන අතර එය එවැනි නිල ප්රකාශනයකින් සවිබල ගැන්වූ ප්‍රවෘත්තියක්/දැන්වීමක්/නිවේදනයක් ද යන කාරණයත් පහත සදහන් අනෙකුත් කරුණුත් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පණතේ ප්‍රතිපාදන යටතේ ඔබ වෙතින් විමසීමට ජාතික ගුරු සභාව තීරණය කර ඇත. සමාජයේ අතිමහත් දරු පරපුර අප වෙතින් විමසන සමාජයීය කරුණු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමේ වගකීමෙන් යුතු ගුරුවරුන්ගෙන් සමන්විත ජාතික ගුරු සභාව වෙත පහත සදහන් කරුණු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පණත ප්‍රකාරව අදාල කාලය ඇතුළත ඉක්මන් පිළිතුරක් ලබාදෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.
එකී දැනගතයුතු තොරතුරු මෙසේය.
01 වෙළෙඳපොලේ ඇති කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක අඩංගු බව පවසන කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් පූර්ණ විගණන පරීක්ෂාවක් සිදුකර ඇත්ද?
i. එලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලද පූර්ණ විගණන පරීක්ෂාවක් සිදුකර ඇත්නම් සිදුකරන ලද්දේ කවර කාලවකවානුවකදී ද?
ii. විගණනය සිදුකරන ලද්දේ කාගේ ඇණවුම මතද?
iii. විගණනය සිදුකරන ලද්දේ යම් පාර්ශ්වයක ඉල්ලීම මත නම් ඒ කාගේ ඉල්ලීම මත ද?
iv. එලෙස ඉල්ලීමක් මත විගණනයක් සිදුකරන ලද්දේ නම් ඒ සදහා අවශ්‍ය බලතල ඔබට ලැබී ඇත්තේ කවර ප්‍රතිපාදන යටතේ ද?
v. විගණනය සිදුකරන ලද්දේ කවර රාජ්‍ය ආයතන සමග ඒකාබද්ධවද?
vi. විගණනය සිදු කරන ලද්දේ කවුරුන් විසින් ද?
vii. විගණන ක්‍රමවේදය කුමක්ද?
viii. සාම්පල් ලබාගැනීමේ ක්‍රමවේදය කුමක් ද?
ix. තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදය කුමක් ද?
x. ලබාගත් තොරතුරුවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සහතිකවීම පිණිස අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග මොනවාද?
xi. විගණනය සදහා යම් පර්යේෂණ වාර්තා උපයෝගී කරගත්තේද? එසේනම් ඒ මොනවාද?
xii. ඒ පර්යේෂණ වාර්තා ලබාගත්තේ කවර ආයතන/පුද්ගලයන්ගෙන් ද?
xiii. විගණනය සදහා යම් පර්යේෂණ සිදු කළේ නම් ඒ පර්යේෂණ මොනවාද?
xiv. අදාල පර්යේෂණ සිදුකළ රසායනාගාර මොනවාද?
xv. විගණනය සදහා සහභාගී වූ පරීක්ෂණ කණ්ඩායම කවුද?
xvi. පර්යේෂණයන්ට අදාල වියදම් දරණ ලද්දේ කවුරුන් විසින් ද?
xvii. ඒ විගණකවරුන් තෝරාගැනීමේ තීරණය කවුරුන් විසින් ගනු ලැබූවක් ද?
xviii. විගණකවරුන් තෝරාගැනීම පිණිස අනුගමනය කළ ක්‍රියා පටිපාටිය ආයතන සංග්‍රහය සහ මූල්‍ය රෙගුලාසිවල කවර වගන්තීන්වලින් ආවරණය වන්නේ ද?
xix. විගණනය සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තම කාර්ය පටිපාටිය යටතේ ආහාර සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් සිදු කරනුලබන කාර්යයක් වශයෙන් ද?
xx. ඉහත 2ට අදාල පිළිතුර ඔව් නම්, මෑත වසර පහ තුළ විගණන කීයක් එලෙස සිදු කර ඇත්ද? ඒ කවර ආහාර වර්ගයන්ට අදාල විගණනයන් ද?
xxi. මෙම ලිපියේ සදහන් විගණනනයට අදාල වියදම් සිදුකරන ලද්දේ කවුරුන් විසින් ද?
xxii. මෙකී විගණන වාර්තාව ඔබ විසින් ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් ලංකා සමාගම වෙත නිල වශයෙන් ලබා දුන්නේ ද?
xxiii. මෙකී විගණන වාර්තාව ඔබ විසින් ලබාදුන් රාජ්‍ය අධිකාරී ආයතන මොනවාද?
02 ඉහත කී විගණනය සිදු කරන ලද්දේ නම් ඉන් පසු;
i. ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ ඇන්කර් කිරිපිටි මෙම පරීක්ෂාවෙන් සමත් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කරන ලද්දේ ද?
ii. එලෙස නිවේදනය කරන ලද්දේ නම් කවදාද?
iii. එලෙස නිවේදනය කරන ලද්දේ කාගේ අත්සනින් ද?
iv. “ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නැවත වරක් තහවුරු කර ඇත”
යනුවෙන් කර ඇති සදහන සත්‍ය වන්නේ ද?
v. එසේනම් ඒ තහවුරුව සිදුකරන ලද්දේ කවදා කවුරුන් විසින් ද?
02 එකී ලිපියේ/දැන්වීමේ/නිවේදනයේ සදහන් “නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙම නිගමනයට එළඹුණා” යනුවෙන් කර ඇති සදහන සත්‍ය වන්නේ ද?
03 එකී ලිපියේ/දැන්වීමේ/නිවේදනයේ සදහන් “නවසීලන්තයේ කිරි ගොවිපළවල් වෙතින් කිරි එකතු කරගැනීමේ සිට, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවීම දක්වා සමස්ත ක්‍රියාවලියම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විගණන කණ්ඩායමේ දැඩි පරීක්ෂාවට ලක්වී තිබෙනවා” යන්න සත්‍ය වන්නේ ද? ඉහත 02 සහ 03 සත්‍ය වන්නේ නම්;
i. එකී විගණනය සිදු කිරීම පිනිස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කණ්ඩායමක් නවසීලන්තය බලා ගියේද?
ii. ඒ ගමනට සහ විගණනයට අදාල තීරණය ගැනුනේ කෙදිනද? කවර අධිකාරියකින් ද?
iii. ගමනට සහභාගීවූ පිරිස කවුරුන් ද?
iv. මේ කියන පරීක්ෂණ කණ්ඩායම කවුද?
v. ඔවුන් ඒ කරුණ තහවුරු කරගත් ක්‍රමවේදය කුමක්ද?
vi. ඔවුන් විසින් ඒ බව සනාථ කරමින් නිකුත් කරන ලද වාර්තාව කුමක්ද?
vii. ඒ වාර්තාව ඔබ විසින් කවර ආයතන වෙත නිකුත් කරන ලද්දේ ද?
04 එකී ලිපියේ/දැන්වීමේ/නිවේදනයේ සදහන් “කිරිපිටි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිතිය ලෙස ක්‍රියාත්මක වන SLS 731 ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ඇන්කර් නිපදවන ෆොන්ටෙරා සමාගම හැකි සෑම පියවරක්ම ගන්නා බව මෙම පරීක්ෂාවෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම නිගමනය කර තිබෙනවා” යන්න සත්‍යය ද? එය සත්‍යය නම්;
i. මේ කියන පරීක්ෂණ කණ්ඩායම කවුද?
ii. ඔවුන් ඒ කරුණ තහවුරු කරගත් ක්‍රමවේදය කුමක්ද?
iii. ඔවුන් විසින් ඒ බව සනාථ කරමින් නිකුත් කරන ලද වාර්තාව කුමක්ද?
05 එකී ලිපියේ/දැන්වීමේ/නිවේදනයේ සදහන් “ආනයනය කරනු ලබන නිෂ්පාදන SLS 731 ප්‍රමිතීන්ට අනුකූල වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයයේදී සාමාන්‍යයෙන් සිදුකරනු ලබන
පරීක්ෂණ හැරුණු විට, කිරිපිටිවලට බාහිර ද්‍රව්‍ය මිශ්‍ර වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීම හිමි රසායනාගාරවලදී ඒවා පරීක්ෂාවන්ට ලක්කිරීමටද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගත්තා”
යන්න සත්‍යය ද? එය සත්‍යය නම්;
i. ඒ ජාත්‍යයන්තර පිළිගැනීම හිමි රසායනාගාර මොනවාද?
ii. කරනලද පරීක්ෂණ මොනවාද?
iii. ඔවුන් විසින් ඒ බව සනාථ කරමින් නිකුත් කරන ලද වාර්තාවන් මොනවාද?
iv. ඒ වාර්තාවන් ඔබ විසින් කවර ආයතන වෙත නිකුත් කරන ලද්දේ ද?
06 එකී ලිපියේ/දැන්වීමේ/නිවේදනයේ සදහන් “ඉහත සඳහන් විගණනය හා පරීක්ෂණවල ප්‍රතිඵල අනුව, පාම් ඔයිල් වැනි බාහිර ද්‍රව්‍ය කිරිපිටිවලට මිශ්‍ර නොකෙරෙන බවත්, ෆොන්ටෙරා සමාගම මගින් නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවනු ලබන කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කර තිබෙනවා” යන්න සත්‍ය යද? එය සත්‍යය නම්;
iv. මේ කියන පරීක්ෂණ කණ්ඩායම කවුද?
v. ඔවුන් ඒ කරුණ තහවුරු කරගත් ක්‍රමවේදය කුමක්ද?
vi. ඔවුන් විසින් ඒ බව සනාථ කරමින් නිකුත් කරන ලද වාර්තාව කුමක්ද?
vii. ඒ වාර්තාව ඔබ විසින් කවර ආයතන වෙත නිකුත් කරන ලද්දේ ද?
07 එකී ලිපියේ/දැන්වීමේ/නිවේදනයේ සදහන් “ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් සිදුකරඇති ප්‍රකාශවල වගකීම” ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය භාරගන්නේ ද?
08 යම් හෙයකින් එකී ලිපියේ/දැන්වීමේ/නිවේදනයේ සදහන් “ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් සිදුකරඇති ප්‍රකාශ” සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වගකීම භාර නොගන්නේ නම් අදාල ලිපිය/
දැන්වීම/නිවේදනය ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම හෝ වෙනත් අදාල ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නේ ද?
09 යම් හෙයකින් එකී ලිපියේ/දැන්වීමේ/නිවේදනයේ සදහන් “ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් සිදුකරඇති ප්‍රකාශ” සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වගකීම භාර නොගන්නේ නම් අදාල ලිපිය/දැන්වීම/නිවේදනය පසිද්ධ කිරීම සිදුකළ ආකාරයේම ප්‍රසිද්ධියක් ලබාදෙමින් අදාල ලිපිය/දැන්වීම/නිවේදනය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගන්නේ ද?
10 එකී ලිපියේ/දැන්වීමේ/නිවේදනයේ සදහන් “ජාතික ප්‍රමිති ආයතනය ලෙස තම මූලික අරමුණ වනුයේ ශ්‍රී ලාංකිකයන් තම ආයතනය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය අඛණ්ඩව ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම”
බව සහ “මෙහිදී ඇන්කර් ඇතුළුව නවසීලන්තයේ නිපදවා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලබන සියලුම කිරිපිටි වර්ග පරීක්ෂාවට ලක්වූවා. මේ පරීක්ෂාව නිසා විශ්වාසයෙන් යුතුව බලපත්‍ර නිකුත් කිරීමට අපට හැකියාව
ලැබුණා.” යන ප්‍රකාශ ඔබ විසින් කරන ලද්දේ නම් ඒ ප්‍රකාශයන් කරන ලද්දේ කවදා ද? කවර අවස්ථාවකදී ද? කවර කරුණක් අරබයා ද? ඒ ප්‍රකාශය මගින් මේ ලිපියේ/දැන්වීමේ/නිවේදනයේ ප්‍රකාශිත අරමුණ
පෝෂණය කිරීමක් අදහස් කරන ලද්දේ ද?
11 යම් හෙයකින් එකී ලිපියේ/දැන්වීමේ/නිවේදනයේ සදහන්, ඔබ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අදාල කරුණු ඔබ විසින් ප්‍රතික්ෂේප නොකරන්නේ නම් පහත සදහන් ලේඛණවල සහතික කරන ලද පිටපත් අප වෙත
ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙයින් ඉල්ලා සිටින්නෙමු. එනම්;
1. වෙළෙඳපොලේ ඇති කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක අඩංගු බව පවසන කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදුකරන ලද පූර්ණ විගණන වාර්තාව
2. ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ ඇන්කර් කිරිපිටි මෙම පරීක්ෂාවෙන් සමත් වී ඇති බවට කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිවේදනය
3. නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව නිකුත් කරන ලද වාර්තාව
4. කිරිපිටි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිතිය ලෙස ක්‍රියාත්මක වන SLS 731 ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ඇන්කර් නිපදවන ෆොන්ටෙරා සමාගම හැකි සෑම පියවරක්ම ගන්නා
බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම එළඹි නිගමනයට අදාල වාර්තාව
5. කිරිපිටිවලට බාහිර ද්‍රව්‍ය මිශ්‍ර වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීම හිමි රසායනාගාරවලදී ඒවා පරීක්ෂාවන්ට ලක්කිරීමටද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගැනීමෙන් පසු ඒ රසායනාගාරවලින්
නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවන්
6. පාම් ඔයිල් වැනි බාහිර ද්‍රව්‍ය කිරිපිටිවලට මිශ්‍ර නොකෙරෙන බවත්, ෆොන්ටෙරා සමාගම මගින් නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවනු ලබන කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවත් ශ්‍රී ලංකා ප්‍රමිති
ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කරගැනීමට අදාල පරීක්ෂණ වාර්තාවන්
ස්තුතියි
මීට විශ්වාසී
ඉන්දික කළුආරච්චි
ප්‍රධාන ලේකම්
ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය
පිටපත් – අතිගරු ජනාධිපතිතුමා
බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හොර ගුහාවක් බවට පත් කලේ කාලකන්නි හිටපු (DDG) ඒකනායක නැමෙති පාහර බල්ලා විසිනි , fonterra ආයත්නයෙන් වවාගෙන කෑවේ ඔහු විසින්ය ඔහු රාජපක්ෂ රෙජීමයේ පාහර බල්ලලෙකි ,හරි හැටි ඉංගිරිසි වත් කථා කල නොහැකි YDN නමැති ෆූඩ් ලැබ් SSD ව නවසිලන්තයට යැව්වේද ඔහුගේ උවමනවටය ඇය අප ආයතනයට විසබිජයකි තවද හිටපු (DDG) ඒකනායක ගේ හොර අබුව බව කඋරුත් දන්නා රහසකි. ද දැනට මාසයකට පමණ පෙර ishara gunnepana නැමැති හිටපු (DDG) ඒකනායක ගේ දියණිය අප ආයතනයෙන් sample හොර රහසේ ගෙනගොස් මහරගම ප්‍රදේශයේ කඩවලට දමා PHI කෙනෙක් මාට්ටු වීමෙන් පසු DG ද නොමග යවමින් ඉතා සුක්ෂම ලෙස විසදා දෙමුවේද හිටපු (DDG) ඒකනායක ගේ අනුදෙනුම මත මෙම YDN විසිනි .ෆූඩ් ලැබ හි 95% සේවකයන් එම සුදුසුකම් සපුරා නැත ඔඩිට් ආ පසු නිවාඩු දෙමිම් ,හොර රහසේම මාරු වී යාම ishara gunnepana ගේ අනුදෙනුම මත සිදුකරනු ඇත .තවද මිනිස්සුන්ට මානසික වදවේදන ඇතිකිරීම් ,එකිනෙකා කෙටවීම කේලම් කිවීම දවසපුරා සිදුකිරීම අයගේ රාජකාරියේ කොටසක් බවට පත් වී ඇත .
හිටපු (DDG) ඒකනායක ගේ බිරිද SSD ,බිරිදගේ නන්න්ගී SSD ,දුව (ishara gunnepana) රුපියල් කෝටි ගණන් මෙම ආයතනයෙන් හමබකල බව අප කවරුත් දන්නා දෙයකි ඔව්න් තවමත් මේවගෙන් වවාගෙන කති .
fonterra ,prima chicken,edinburgh food products (හිටපු (DDG) ඒකනායක නංගිගේ පුතා සේවයකරන ) නෙමෙති ආයතන වලින් රුපියල් කෝටි ගණන් මොඋන් ගසාකමින් කොතරම් පරිබෝජනයට අහිතකර උනත් pass කරදෙනු ඇත .එය එදා මෙන්ම අදටත් සිදුවනු ඇත .මේ සියල්ල පිටුපස කාලකන්නි හිටපු (DDG) ඒකනායක නැමෙති පාහර බල්ලා සිටිනු ඇත .
තවද වසා දමා ඇති සිල්ලරකඩයක් සේ අප ආයතනෙය් microbiology අංශය පවතිනු ඇත .කිසිම සුදුසුකමක් නැති වගකීමක් නැති ,විසවසයක් නැති හොරගුහවක් ලෙස පත්ව ඇත . කොන්ඩම් නෝනා (Nilpa) ,අබිලිපිටිය මහින්ද වාදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී Jayatissa Ranaweera ගේ ඉදියණිය (Asanka) මෙහි අදිපත්‍ය පතුරවනු ඇත .ඉන්දියාවේ microbiology වලට අදාල නෙති වෙනත් උපාදියක් ඇය ලබාගෙන සිටි .NCR ,AUDIT fail උවත් ඔඋන් මෙහි සිටීම හාස්‍යට කරුණකි .සම්පලේ හොරකන් කිරීම ,එකිනෙකා කෙටවීම කේලම් කිවීම දවසපුරා සිදුකිරීම අයගේ රාජකාරියේ කොටසක් බවට පත් වී ඇත.කොතරම් වෙරදී කලත් අබිලිපිටිය මහින්ද වාදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී Jayatissa Ranaweera ගේ ඉදියණිය (Asanka)ගේ පුංචි අම්මා ද මෙහි සේවය කරමින් ඇයව රකිනු ඇත .
අප ආයතන පෞල්වාදය මුල්බැසගත් ආයතනයකි ,කොතරම් සුදුසුකම් තිබුනත් වෙනත් සුදුස්ස්නට එන්නට දෙන්නේ නැත . මෙයට හේතුව වී ඇත්තේ ඉහත සදහන් අසරණ මිනිසුන්න්ට වස විස කවන ආයතන වලට කඩේ යන නිසාවෙනි ,ඔඋන්ගෙන් ලාබ ප්‍රයෝජන ලබන බෙවිනි .අප ආයතනය බේරා ගන්නේ කවදද අපි බල සිටිමු .