මැතිවරණ වලට තරග කිරීම පිණිස භික්ෂූන් වහන්සේලාට නාමයෝජනා ලබාදිය නොහැකි ලෙස මැතිවරණ පනතට සංශෝධන ගෙනා යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පැවැසූහ.
පවතින මැතිවරණ නීතිය පැරණි එකක් බැවින් ඊට සංශෝධන ගෙන එමින් අදාළ කටයුත්ත කඩනමින් කළ යුතුව තිබෙන බවද උන්වහන්සේ කියයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (03 වැනිදා) අස්ගිරි මහවිහාරයට ගොස් මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව පවසා ඇත.
භික්ෂූන් වහන්සේ ඍජුව දේශපාලනයට යොමු වීමෙන් ශාසනය පිරිහීමට ලක්වෙනවා. අතීතයේ මෙන්ම පාලකයින්ට දැහැමිව රට පාලනය කිරීම පිණිස අවවාද අනුශාසනා කිරීම මහ සංඝරත්නයේ කාර්යභාරයයි. ඉන් ඔබ්බට ගොස් මහ සංඝරත්නය ඍජුව දේශපාලනය කිරීමට යාමෙන් විශාල පිරිහීමක් ශාසනයේ ඇති වුණා යැයි මහානාහිමියෝ මෙහිදී වැඩිදුරටත් පැවැසූහ.
මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මල්වතු මහනායක හිමියෝද මෙම අදහසම ප්‍රකාශ කළේ යැයි පැවසුවේය.
මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක අපේක්ෂකයින්ට මහනාහිමිවරු බැහැදැකීමට පැමිණිය හැකි වුවත් විහාරස්ථාන භූමියේ මාධ්‍යයට ප්‍රකාශ ලබාදීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය මෙහිදී පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...