ව්‍යාපාරික පුවත්

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙමින් පැවැති අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම හා එළවළු කිලෝ පහට අඩුවෙන් අලෙවි කිරීම සම්පුර්ණයෙන් නතර කිරීමට ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය තීරණය කර ඇත.

එම සංගමයේ 01 වැනිදා පැවැති මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ උපදෙස් මත අදාළ තීරණය ගත් බවත් එම සංගමයේ හිටපු සභාපති යු.බී.ඒකනායක මහතා පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු හා පළතුරු රැුගෙන එන ගොවීන්ගෙන් මෙම නාඩි වෙළෙඳුන් තමන් විසින් නියම කරනු ලබන මිලකට එළවළු හා පළතුරු ගෙන ආර්ථික මධ්‍යස්ථානයේදී ම ඊට වැඩි මිලකට ඔවුන් සමග සබඳතා පවත්වන පිට පළාත්වලින් පැමිණෙන වෙළෙඳුනට අලෙවි කිරීම කාලයක් තිස්සේ සිදුවෙමින් පැවැති බව පැවසූ ඒකනායක මහතා ආර්ථික මධ්‍යස්ථානයේ එදිනෙදාට තොග අඩු වශයෙන් ලැබෙන හා ඉහළ ඉල්ලූ‍මක් තිබෙන එළවළු වර්ග සඳහා මෙම නාඩි වෙළෙඳුන් වඩාත් උනන්දුවෙන් කටයුතු කර ගොවියාටත් ආර්ථික මධ්‍යස්ථානයේ ස්ථිර වෙළෙඳුන්ටත් නොලැබෙන අමතර අදායමක ලබා ගැනීම කාලයක් කරගෙන ගිය බව ද පැවසීය.

එසේම කුඩා සතිපොළ වෙළෙඳුන්ට පහසු වන සේ කිලෝ පහකට වඩා අඩුවෙන් එළවළු අලෙවි කිරීම සඳහා ව්‍යාපාරිකයින් හත්දෙනකුට අවස්ථාව ලබාදී ඇති බවත් ඔවුන්ට අමතරව තවත් පිරිසක් ව්‍යාපාරික පරිශ‍්‍රවලින් ඉදිරිපස එළවළු කිලෝව බැගින් ද අලෙවි කිරීමේ යෙදී සිටීම නිසා කිලෝ පහට අඩුවෙන් විකිණීම ද තහනම් කිරීමට තීරණය කළ බවත් මෙම තීරණ පිළිබඳව ලිඛිතව සියලූ‍ම ව්‍යාපාරිකයින්ට දැනුම් දීමට පියවර ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More