ප‍්‍රධාන පුවත්

තුර්කිය, සිරියානු හමුදා ත්‍රස්තයන්ට එල්ල කරන ප්‍රහාර වැලැක්වීමේ උවමනාව සහිතව යුරෝපා සංගමය ගැටුමට මැදිහත් කරගැනීම පිණිස “සරණාගත” ප්‍රශ්නයක් නිර්මානය කරමින් සිටින බව ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කර්ස් මහතා පවසයි.

පසුගිය සතිය පුරාම තුර්කිය තම දේශ සීමා හැර දමමීම ග්‍රීසියට සහ යුරෝපා සංගමයට කරනු ලැබූ එක්තරා ආකාරයක පහරදීමක් බව ඔස්ට්‍රියානු චාන්සලර්වරයා වැඩිදුරටත් පවසා සිටී.
යම් විදියකින් යුරෝපා සංගමය තුර්කි ජනපති රිසෙප් තායිප් එර්ඩොගාන්ගේ තර්ජන වලට යටත් වන්නේ නම් යුරෝපා සංගමයේ දේශසීමා අසල රැඳී සිටින 13,000ක් වූ සරණාගතයන් ආරම්භයක් පමණක් වනු ඇති බවද චාන්සලර්වරයා වැඩිදුරටත් පවසා සිටී. ඔස්ට්‍රියානු චාන්සලර්වරයාට අනුව ග්‍රීක දේශ සීමාව අසල රැඳී සිටින පිරිස සිරියාවේ අවි ගැටුම් පවතින ප්‍රදේශ වලින් පැමිණි පිරිසක් නොවන අතර ඔවුන් සියලු දෙනාම තුර්කිය විසින් සැලසුම්සහගතව සංවිධානය කළ පිරිසක් වේ.

ඔස්ට්‍රියානු චාන්සලර්වරයා අවධාරණය කර සිටින්නේ තුර්කි ජනාධිපති එර්ඩොගාන් හට සරණාගත ගැටලුව විසඳීමේ සැබෑ උවමනාවක් නොමැති බවත් ඒ වෙනුවට ඔහු කරනු ලබන්නේ සරණාගත ගැටලුව තනිකරම “කේවල් කිරීමේ උපකරණයක්,දරුණු ආයුදයක් සහ පීඩනය ගෙන දෙන උපකරණයක්” ලෙස භාවිතා කිරීම පමණක් බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් මැතිනියද ඔස්ට්‍රියානු චාන්සලර් වරයාගේ අදහස එකහෙලාම අනුමත කරමින් අදහස් දක්වා තිබුනි.

මේ අතර යුරෝපා කොමිසමේ වත්මන් නායකයා වන උර්සුලා වොන් ඩෙර් ලෙයන් තුර්කියේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මිලියන ගනන් සරණාගතයන්ට යුරෝපයට ඇතුල්වීමට ඉඩ සැලසීම සිරියාවේදී තුර්කිය මුහුන දෙන ගැටලුවට විසඳුමක් නොවන බවයි. තුර්කියේ සරණාගතයන් ග්‍රීක දේශ සීමාව තරණය කිරීම වැලැක්වීමට ග්‍රීක පොලීසිය කඳුලු ගෑස් භාවිතා කරමින් දැවැන්ත උත්සායක් ගන්නා බවට පසුගියදා මාධ්‍යය වාර්තා කර තිබුනි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදෙස් විත්ති විචාරකයින් පවසා සිටින්නේ තුර්කිය සිරියාවේ අසාද් පාලනය බිඳ වැට්ටවීම්ට ගන්නා සියලු උත්සාහයන් බිඳවැටෙමින් පවතින බවත් සිරියාව ISIS ත්‍රස්ත ග්‍රහනයෙන් මුදවා ගැනීමට සිරියානු රජය ගන්නා උත්සාහය යතාර්ථයක් වනු ඇති බවයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More