දේශීය පුවත්

ඉතිහාසයේ කිසි දිනෙක නොවූ විරූ අයුරින් කොටි ඩයස් පෝරාවේ මුදලින්ම රණවිරුවන් පාවා දීමේ මහා කුමන්ත්‍රණය සිදුවෙමින් පවතින බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

කොළඹදී දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.
එහිදී ආචාර්ය නාලක ගොඩහේවා මෙසේ පැවැසීය.

2009 ලංකාවේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් වුණේ ලංකාවේ සිටි සියලුම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මරුමුවට පත්වෙමින්. නමුත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ පිටරට සිටි අයත් ඝාතනය වුණා කියලා ඉන් අදහස් වුණේ නෑ. එල්.ටී.ටී.ඊ. සංවිධානය කියන්නේ ලෝකයේ තිබුණු දරුණුතම ත්‍රත්තවාදී සංවිධානයක් පමණක් නෙවෙයි. ධනවත්ම සංවිධානයක්. එක්දහස් නවසිය අසූ ගණන්වල ඉඳන්ම අන්තර් ජාතික වශයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාපාර, ගණිකා ව්‍යාපාර, පාතාල ව්‍යාපාර, මිනිස් ජාවාරම් ආදී විවිධ ක්‍රමවලින් මුදල් හම්බ කළා. අනූව දශකය අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක විතර ආදායමක් තිබුණා. 2009දී යුද්ධය අවසන් වනවිට මේ අන්තර්ජාතික ජාලයට වසරකට රුපියල්වලින් නම් කෝටි හයදාස් දෙසීයක විතර ආදායමක් තියෙනවා. යුද්ධය අවසන් වුණත් ආදායම ඒ විදියමයි. අද ඒ මුදල් භාවිත කරනවා සුළු පිරිසක්.

මේ විශාල ව්‍යාපාරය පවත්වාගෙන යෑමට නම් ඊළාම් සිහිනය දිගටම පවත්වාගත යුතුයි. ඒක ව්‍යාපාරික අවශ්‍යතාවක්. යුද්දෙට වියදම් කරපු විශාල මුදලින් සුළු මුදලක් ඔවුන් අද වියදම් කරන්නේ ලෝකයේ විවිධ දේශපාලනඥයන්ට, සංවිධානවලට, පුද්ගලයන් හරහා ඊළාම් සිහිනය තවදුරටත් පවත්වා ගැනීම වෙනුවෙන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා අපිට එල්ල වන අභියෝගය ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්.

2013දී සිංගප්පූරුවේදී රහස් සාකච්ඡාවක් පැවැත්වුණා “සිංගප්පූරු සම්මුතිය” නමින්. මංගල සමරවීර, සුමන්තිරන් සහ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වුණේ

මේ ආණ්ඩුව බලයට ආව දවසේ ඉඳන් ඔවුන් කරන එකම දේ තමයි දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය දේවල් දෙන එක. දෙමළ ඩයස්පෝරාවට ඊළාම් සිහිනය පවත්වාගෙන යන්න නම් ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනාව ඉදිරියට ගෙන යෑම. රණවිරුවන්ව අපකීර්තියට පත් කිරීම. යුද්ධය ජයග්‍රහණය කළ නායකයන්ට දඬුවම් කිරීමයි.

අතුරුදන් වූවන්ගේ කාර්යාලය හරහා තමයි අපේ රණවිරුවන්ව පාවා දීමේ බොරු සාක්ෂි ගොනු කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කෙරෙන්නේ. හෙට අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ පනත තමයි තුන්වන පියවර. මේ පනත සම්මත වීම හරහා රටේ ඕනෑම අයකු පිටුවහල් කිරීමට විරුද්ධව ව්‍යවස්ථානුකූලව පනවා තිබූ ආරක්ෂාව ඉවත් වෙනවා. ලංකාවේ රණවිරුවෙක් ලෝකයේ ඕනෑම රටකට ගෙන්වලා නඩු ඇසීමේ හැකියාව ලැබෙන්නේ ඉන් පස්සේ. මේ පනත සම්මත කළොත් පිටරටින් යම් පුද්ගලයෙක් ඉල්ලුවොත් ඔහුව පිටුවහල් කිරීමේ බලය ලැබෙනවා.
එහිදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙසේ පැවැසීය.

අතුරුදන් වූවන්ගේ පනත සම්මත කළේ නීති විරෝධී ආකාරයටයි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සෙයිඩ් අල් හුසේන් පොළොවේ අඩිය හප්පලා තර්ජනය කළාම තමයි අතුරුදන් වූවන්ගේ පනතේ ප්‍රකාරව කාර්යාලයක් ස්ථාපිත කළේ. සෙයිඩ් අල් හුසේන් ආයෙත් අඩිය හප්පලා කෑහෑහුවාම කාර්යාලය විවෘත කළාට කාර්ය මණ්ඩලයක් පත් කළේ නැහැ කියලා, ජනාධිපතිවරයා ඒ දේත් හනිකට කළා. අපිට ඒකෙන් තේරෙන්නේ මේ පාලකයෝ මොනතරම් නිවට දීන තත්ත්වයට පත්වෙලාද කියලා. ජනතාවට අවශ්‍ය විදියට නෙවෙයි විදේශිකයන්ට අවශ්‍ය විදියටයි මේ රජය කටයුතු කරන්නේ. එම කාර්යාලයට පත්කළ නිමල්කා ප්‍රනාන්දු ඊළම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එන්.ජී.ඕ. නඩවලට සහාය දෙන කෙනෙක්. ජිනීවා ආපන ශාලාවේදී ගෝලීය දෙමළ සංසදයේ එම්මානුවෙල් පියතුමා සමඟ හිනා වෙවී කෝපි බොනවා අපි දැකලා තියෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More