අද (04) සවස 3ට පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට ප්‍රේමදාස පාර්ශ්වය තීන්දු කර ඇත.
වික්‍රමසිංහ පාර්ශ්වය හා ප්‍රේමදාස පාර්ශ්වය අතර මහමැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් අවසන් එකගතාවක් ඇති කර ගැනීමේ අරමුණින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැදවීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් ප්‍රේමදාස පාර්ශ්වය මේ වනවිට තීන්දු කර ඇත්තේ සමගි ජන බලවේගය යටතේ මහමැතිවරණයට වෙනම තරග වැදීමටය.
මෙම තීන්දුව එම පාර්ශ්වය ඊයේ (03) දිනයේදී මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමටද පියවර ගෙන තිබිණ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...