විදේශ පුවත්

ඉන්දීය සෞඛ්‍යය අංශ උපුටා දක්වන එරට මාධ්‍යය වාර්තාකර තිබුනේ ඉතාලියෙන් ඉන්දියාවට පැමිණි පාපැදි කරුවන් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. කන්ඩායමක් ලෙස ඉන්දියාවේ සංචාරය කිරීම පිණිස පැමිණි පා පැදිකරුවන් ඉන්දීය සෞඛ්‍ය අංශ මගින් පරීක්ෂාවට ලක් කිරීමේදී ඔවුන් COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ඉන්දීය මාධ්‍යය වාර්තා පවසයි.

පූර්ව සූදානමක් ලෙස ඉන්දියාව මේ වන විට චීනය හැරුනු කොට ජපානය,දකුනු කොරියාව, ඉරානය සහ ඉතාලිය යන රටවල පුරවැසියන්ට ඉන්දීය වීසා ලබා දීම අත් හිටුවා  ඇති බව ඉන්දීය රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර COVID-19 වෛරසය ආසාදිතයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හමුවූ පසු  පැවැත්වීමට නියමිතව තිබූ සයිකල් සවාරිය අත් හිටුවීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. තවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධ්‍යාපන බලධාරීන් සියලුම පාසල් සහ උසස් අධ්‍යාපන ආයාතන ලබන ඉරිදා සිට  මාසයක කාලයක් වසා තැබීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර ජගත් ගුවන් ගමන් ක්ෂේත්‍රයේ කටයුතු වලට COVID-19 දරුනු ලෙස පහර දී ඇතැයි වාර්තාවේ. කැතේ පැසිෆික් ගුවන් සේවය සහ කැතේ ඩ්‍රැගන් ගුවන් සේවය සතු ගුවන් යානා 120ක් ගාල් කර ඇතැයි පැවසේ. එය ගුවන් සේවය සතු ගුවන්යානා වලින් හරි අඩකට වඩා වැඩි ගනනක් බව ද පැවසේ. සිංගපූරු ගුවන් සේවයේ සහ සිල්ක් එයාර් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර 674ක් පසුගිය සතියේදී අවලංගු කළ බව පවසන එම ගුවන් සමාගම් සිංගප්පූරු ගුවන් සමාගමේ ගුවන් ගමන් වාර 3000ක් පමණ පෙබරවාරි මාසයේ සිට මැයි මාසයේ අවසානය දක්වා කාලය තුළ අවලංගු කර ඇති බව පැවසේ.

ගුවන් ගමන් අවලංගු කිරීමෙන් සමාගම් වලට සිදුවන පාඩුව පියවා ගැනීම පිණිසත් COVID-19 වෛරසයෙන් ආරක්ෂාව පිණිසත් ගුවන් සමාගම් වල ඉහළ කළමනාකාරිත්වය ගුවන් සේවකයන්ට වැටුප් රහිත නිවාඩු ලබාදීමට කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග පවසා සිටී. මෙම තත්වය හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිතව පැතිරී යනු ඇති බවටද ඉඟි පලවෙමින් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More