හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 12දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරේන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය මාර්තු 06වනදාට ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය කර ඇත.
එමෙන්ම එම දොළොස් දෙනාට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක , හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් , අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නොපමාව වරෙන්තු ලබාගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (03) පස්වරුවේ දැනුම් දුන්නේය.
ඒ 2016 වසරේ මාර්තු මස බැඳුම්කර ගනුදෙනුවලදී සිදුවූ අක්‍රමිකතාවලට අදාළව ඉදිරිපත්ව ඇති කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම, සාවද්‍ය පරිහරණය සහ තමන්ට වාසිදායක වන පරිදි වෙළඳපොල මිල කෘත්‍රිමව ඉහළ දැමීම යන චෝදනා මතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...