දේශීය පුවත්

අප්‍රේල් 25 දින පැවැත්වීමට නියමිත 09 වන පාර්ළිමේන්තු මැතිවරණය සදහා කුඩු මංකොල්ලකාරයින්ගෙන් තොර පෙරාපු රත්ත්‍රන් වගේ පිරිසක් තොරා පත්කරගන්නා ලෙස ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කරයි.

අද (04) දින පැවති මාධ්‍ය හමුවකදී ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පුජ්‍ය වකමුල්ලේ උදිත හිමි අවධාරණය කරයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වකමුල්ලේ උදිත හිමි…

වත්මන් ජනාධිපති ගෝඨාභය මහත්තයා බලයට ආවේ ජනතාවට විශාල පොරොන්දු ගොන්නක් ලබාදෙනවා කියලා.නමුත් ඒ කිසිදු පොරොන්දුවක් ඉටුකරන්න බැරිවුන දින 100 න් අසමත් වුන ආණ්ඩුවක් බවට ගෝඨාභය මහත්තයා ප්‍රමුඛ ආන්ඩුව ජනතා අප්‍රසාදයට පත්වෙලා තියෙනවා.

විශේෂයෙන්ම ගෝඨාභය මහත්තයා බලයට එනකොට කිව්වා රටේ ජාතික සම්පත් විකුණන් නෑ කියලා.නමුත් අද ඒ පොරොන්දු අමතක වෙලා තියෙනවා.බලයට එනකොට කිව්ව MCC ගිවිසුම සංශෝදන සහිතව හොර රහසේ අත්සන් කරන්න හදනවා.ආණ්ඩුව පවත්වාගෙන යන්න තවත් මාස 06 ක් තියෙද්දිත් පාර්ළිමේන්තුව විසුරුවා හැරියේ MCC ගිවිසුම අත්සන්කරන්න ජන වරමක් ගන්නයි.

ඒ විතරක් නෙමේ ACCSA ගිවිසුමත් ඉදිරියට පවත්වාගෙන යනවා.එදා මෙම ගිවිසුම් වලින් රට බේරගන්න තියෙන අවසන් අවස්ථාව මේක තමයි ඒනිසා ගෝඨාභය මහත්තයාට ඡන්දය දෙන්න කියපු උගතුන්, බුද්ධිමතුන්, පුජකයින් අද නිහඩයි.

එදා වදපෙති ගැන කියමින් ජාතිවාදය අවුස්සපු ඥානසාර හාමුදුරුවො අද කියනවා වදපෙති කියලා දෙයක් නෑ කියලා.ඒ වගේම එදා ජාතිවාදය අවුස්සපු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස,මැඩිල්ලේ ප්‍රඥාලෝක,මාගල්කන්දේ සුදත්ත හාමුදුරුවන් අද නිහඩයි.අඩුම ගානේ ඒ ස්වාමින්වහන්සේලා මේ ගැටළු සම්බන්දව ප්‍රකාශයක්වත් නිකුත්කරන් නෑ.ඒ විතරක් නෙමේ පසුගිය රනිල් ප්‍රමුඛ ආණ්ඩුවෙන් විල්පත්තුව වනය විනාශ කරනවා කියලා පොලොවේ පස්කාපු පාහියන්ගල ආනන්ද සාගර හාමුදුරුවො අද නිහඩයි.

ඒ විතරක් නෙමේ ගෝඨාභය මහත්තයාගේ මැතිවරණ පොරොන්දුවේ තිබ්බ අධ්‍යාපනය සදහා අග්‍ර ප්‍රමුකත්වය දෙනවා කියපු ආණ්ඩුව අග්‍රප්‍රමුකත්වයක් තියා වසර 23 ක් පුරා පවතින ගුරු විදුහල්පති ගැටලුවට තාමත් විසදුම් දෙන්න අපොහොසත් වෙලා තියෙනවා.ගැටළු සදහා විසදුම් දෙනවා වෙනුවට පාලකයින් කරන්නේ ජල ප්‍රහාර කදුළුගෑස් ප්‍රහාර දෙන එකයි.

ගෝඨාභය මහත්තයාගේ මැතිවරණ වේදීකාවේ ජනතාවට කියපු තවත් පොරොන්දුවක් තමයි රාජ්‍ය ආයතන සදහා දූෂිතයින් පත්කරන් නෑ කියපු කතාව.එහෙම කියපු ගෝඨාභය මහත්තයා අද වනකොට තමන්ගේ වටේ සිටින හොර ස්ත්‍රී දූෂකයින්, වංචාකාරයින් රාජ්‍ය ආයතනවල මුල්පුටුවලට පත්වීම් ලබාදීලා තියෙනවා.

ඒ නිසා මෙවර 09 වන පාර්ළිමේන්තුව සදහා ජනතාවට වගකියන ජනතාවාදී පිරිසක් පාර්ළිමේන්තුවට පත්කර යැවිය යුතුයි.ස්ත්‍රී දූෂකයින්, මංකොල්ල කාරයින්, එතනෝල් කාරයින්,වංචාකාරයින් පත්නොකර ඉන්න ජනතාව වගබලා ගන්න අවශ්‍යයි.ඒවැනි පිරිසක් ඉන්නේ ජාතික ජන බලවේගයේ විතරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More