දේශීය පුවත්

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් මහලේකම් එම්.සහිදුල් ඉස්ලාම් මහතාට නිල වශයෙන් දැනුම් දී ඇත.

මහලේකම්වරයා අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව 2018-2020 වසර දක්වා බිම්ස්ටෙක් සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.

සමුළුව සැප්තැම්බර් මාසයේ දී පැවැත්වේ.

බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම මාර්තු 01-03 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර එහිදී බිමස්ටෙක් ප්‍රඥප්තිය පිළිබඳ අවසන් තීරණයකට එළැඹිණි.

බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි.

මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශි‍්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීමයි.

බිම්ස්ටෙක් මූලිකව ක්ෂේත්‍ර 14 ක් ආවරණවන පරිදි පැවැත්වුණ අතර, මේ වන විට එය ක්ෂේත්‍ර 07 දක්වා අඩුකර තිබේ.

ශ්‍රී ලංකාව විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ නායකත්වය සපයයි.

බංග්ලාදේශය වෙළඳ හා ආයෝජන, භූතානය පරිසර හා කාලගුණික විපර්යාසය, මියන්මාරය කෘෂිකර්ම සහ ආහාර සුරක්ෂිතතාව, ඉන්දියාව ආරක්ෂාව,නේපාලය අන්තර් පුද්ගල සබඳතා සහ තායිලන්තය සබඳතා ක්ෂේත්‍රයට නායකත්වය දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More