රාජ්‍ය සේවයට අලූතෙන් බ`දවා ගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ට පුහුණුව ලබාදීම මහ මැතිවරණ ඡුන්ද විමසීම අවසන් කර සතියක් යනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.
මෙම උපාධිධාරී අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි යවා ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දිනට ආසන්න දිනවලදී වන අතර ඒ අනුව අභ්‍යාසලාභීන් විශාල පිරිසකට සේවයට වාර්තා කිරීමට සිදුවන්නේ ඡුන්ද විමසීම් කාලය ආරම්භ වූ පසුව බවද හෙතෙම පවසයි.
ඉකුත් මැතිවරණවලදී ද ඉතාමත් හදිසි බ`දවා ගැනීම් හැර අනෙකුත් සියලූම රාජ්‍ය සේවයේ බදවා ගැනීම් ඡුන්ද විමසීම් අවසන් වන තෙක් අත්හිටු වූ බවද දේශප‍්‍රිය මහතා ස`දහන් කරයි.
රජය මගින් උපාධිධාරීන් 45585 දෙනකුට අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලිපි පසුගිය දිනවල තැපැල් කරනු ලැබූ අතර ලිපි ලැබී දින 7ක් ඇතුළත පුහුණුවට වාර්තා කරන ලෙස දැනුම් දී තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...