පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට” කෘතිය අද(05) පස්වරු 3.30ට කොළඹ-07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේදී එළි දැක්වේ.
බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ද දෙමළ බෙදුම්වාදීන්ගේ ද මුස්ලිම් අන්තවාදීන්ගේ ද රූකඩයක් ලෙස 2015 බලයට පැමිණි ඊනියා යහපාලන ආණ්ඩුව පෙරලා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ ද මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ ද පිහිටවූ “මහින්ද සුළඟ” නම් ජාතිකවාදී අරගලයේ ඇතුලාන්ත කථාව මෙම කෘතියට පාදක වී ඇති බව කතුවරයා පවසයි.
උදය ගම්මන්පිල මහතා වෘත්තීයෙන් නීතිඥයෙකු සහ පරිගණක ඉංජිනේරුවරයෙකි. මෙම අවස්ථාව සඳහා දේශපාලන පක්ෂ නායකයන්, විද්වතුන්, මහජන නියෝජිතයන්, කළාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...