ව්‍යාපාරික පුවත්

හදිසි විදුලිය මිලදි ගැනීම දීර්ඝ කිරීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මහින්ද අමරවිර මහතා අත්සන් තබා තිබේ.

“මම ඇමැතිවරයෙක් වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා රැසක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබෙනවා. එම පත්‍රිකාවලට මම අත්සන් කළේ ඉතාමත් සතුටෙන්. ඒ්වා සියල්ලම මහජනතාවට , රටට වැඩක් ඇති දේවල්. එහෙත් මම හිතේ ඇතිවෙච්ච දැඩි අසතුට හා කළකිරීම මත අත්සන් කරපු පළමුවැනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තමයි විදුලිබලය හදිසි මිලදී ගැනීමේ යෝජනාව දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව.

මාස හයකට විදුලිය හදිසි මිල දී ගැනීම් යටතේ අනුමැතිය ලබා දුන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තවත් මාස හයකට දීර්ඝ කරන්න සිදු වුනා. ඒ් දැනට තිබෙන නියගය හේතුවෙන් ජලාශවල ජල මට්ටම පහළ යාම. දැන් ජල විදුලිය නිෂ්පාදනය සියයට 20කට තරම් පහතට වැටිලා. ඒ් නිසා ඒ් ගිවිසුම තවත් මාස හයකින් දිර්ඝ කරන්නට වුණා.

මේ සඳහා වැය වන මුදල රුපියල් බිලියන 21ක්. ඒ් කියන්නේ රුපියල් කෝටි 2100ක්. විදුලි ඒ්කකයක් මිල දි ගන්න රුපියල් 64ක් වැය කරන්න වෙනවා. රුපියල් 64ට ගත්ත විදුලි ඒ්කකය මහජනතාවට දෙන්නේ රුපියල් 16කට. තවත් පවුල් ලක්ෂ 17කට දෙන්නේ රුපියල් 2. 60කට.

පසුගිය ආණ්ඩුව කාළේ අඩු ගණනේ තවත් විදුලි බලාගාර දෙකක්වත් හැදුවා නම් මේ විදියට අහිංසක මහජනතාව වෙනුවෙන් වැය කරන්න තිබෙන මුදල් අපතේ යන්නේ නැහැ. ලංකා විදුලි බල මණ්ඩලය දැන් වත් මෙම තත්ත්වය තේරුම් අරන් ඉදිරි බලාගාර ඉදි කිරීමට කටයුතු කරනවා නම් ඒ්ක සමස්ත ජාතියටම කරන සේවාවක්” යැයි මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More