දේශීය පුවත්

මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් සම අනුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාවලියෙන් වත්මන් රජය ඉවත් වීම නිසා මින්පසු ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ කිසිඳු ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්නොවෙනු ඇති බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පවසයි.

එය තමන් ඇතුලු දෙමළ සන්ධානය ලැබූ විශාල පරාජයක් බව පවසන ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ නව රජයේ මෙම හිතුවක්කාරී තීරණය හේතුවෙන් යුද අපාරාධ සම්බන්ධයෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර මට්ටමේ කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව මාධ්‍ය අමතමින් පවසා ඇත.

යාපනයේ මාධ්‍ය සමාජ ශාලාවේදී මාධ්‍යවේදීන් ඇමතූ ශිවාජිලිංගම් මහතා කියා සිටියේ ලෝකයේ සෙසු රටවල්ද ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බව කියා සිටියත් මින් ඉදිරියට ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් කිසිදු පරීක්ෂණයක් නොපවත්වන බව ඉතා පැහැදිලි බවයි.

ජිනීවා මානව හිමිකම් කමිටුව විසින් ශ්‍රී ලංකාවට කොතෙක් අවවාද කරණු ලැබූවත් කොතරම් ප්‍රකාශ නිකුත් කළත් මේ සම්බන්ධයෙන් මීට වඩා අඟලක් හෝ ඉදිරියට කටයුතු නොකරණ බවත් සදහන් කර ඇත.

එය තමන් 2015දී ලැබූ ජයග්‍රහණය ආපසූ හැරවීමක් බවද ඔහු මෙහිදී අවධාරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More