පැරගුවේ අභ්‍යයන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විදෙස් මාධ්‍යය වෙත පවසා සිටියේ බ්‍රසීලයේ පාපන්දු තරුවක් වන රොනාල්ඩිනෝ විසින් වෙනස් කරන ලද ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තම සහෝදරයා සමඟ පැරගුවේ රටට ඇතුල්වීම හේතුවෙන් එරට පොලිසිය විසින් ප්‍රශ්න කිරීමට ලක් කරමින් සිටින බවයි.
දැනට රොනොල්ඩිනෝ සහ ඔහුගේ සහෝදරයා ඔවුන් නැවතී සිටින අසුන්සියොන් නුවර පිහිටි හෝටලයේම රඳවා තබා ගනිමින් විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව වාර්තාවේ. පැරගුවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඉයුක්ලියුඩීස් ඇක්සිවිඩෝ එරට මාධ්‍යය අමතමින් “සහෝදරයන් දෙදෙනා තවමත් අත් අඩංගුවට ගෙන නැහැ. අධිකරණමය කටයුතු වෙනුවෙන් ඔවුන්ව ප්‍රශ්න කිරීමට ලක් කරමින් සිටිනවා.විමර්ශන වලින් පසුව ඒවායේ ප්‍රගතිය අනුව ඔවුන්ව අත් අඩංගුවට ගන්නවාද නැතිද යන්න තීරණය කරනු ලබනවා.”යැයි පවසා සිටියේය.
රොනල්ඩිනෝ තම සහෝදරයා සමඟ ඊයේ සවස පැරගුවේ නුවරට පැමිණියේ පුණ්‍යමය කටයුත්තක් පිණිස වන අතර එරට බලධාරීන් විසින් ඔවුන් හෝටලයේ රැඳී සිටිද්දී ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර වෙනස් කිරීමට ලක් කර ඇති බව හඳුනාගැනීමෙන් පසු විමර්ශන කටයුතු ආරම්භ කළහ.
අමාත්‍ය ඇක්සිවිඩෝ මහතා පවසා සිටියේ දැනට රොනල්ඩිනෝ සහ ඔහුගේ සහෝදරයා විමර්ශන නිළධාරීන්ට මනා සහයෝගයක් සලසන බවත් ඔවුන්ගේ වාචික සාක්ෂි, සාක්ෂි ප්‍රකාශ ලෙස ලබා දුන් පසුව ඔවුන්ට නිදහසේ රටතුල ගැවසිය හැකි බවත්ය. නමුත් රොනාල්ඩිනෝ සහෝදරයන් පවසා සිටින්නේ ඔවුන් නිර්දෝෂී අහිංසකයන් බවත් පැරගුවේ ජාතික ව්‍යාපාරිකයෙකු ඔවුන්ව රැවටීමට ලක් කළ බවත්ය. පැරගුවේ මාධ්‍යය වාර්තා කර සිටියේ යම් හෙයකින් රොනාල්ඩිනෝ සහෝදරයන් අවශ්‍යය සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ව ආපසු බ්‍රසීලයට හරවා යැවීමට පැරගුවේ රාජ්‍යය කටයුතු කරනු ඇති බවයි.
කෙසේ වුවද බ්‍රසීල මාධ්‍යය පවසා සිටින්නේ රොනාල්ඩිනෝ 2018 වසරේදී බ්‍රසීලයේ දකුනුදිග වෙරල ආශ්‍රිතව ඉදිකරනු ලැබූ අණවසර හෝටලයක් හේතුවෙන් බ්‍රසීල රජය ඔහුට ඩොලර් මිලියන 2.3ක දඩයක් පනවා ගුවන් ගමන් බලපත්‍රයද රාජසන්තක කරනු ලැබූ බවයි.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...