ව්‍යාපාරික පුවත්

කොළඹ නගරයේ ආපනශාලාවලින් ලබාදෙන තේ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් වැඩි අවධානයක් යොමුකළ යුතු බව කොළඹ මහනගර සභාවේ මධ්‍යම අහාර පාලන ඒකකය දැනුම් දෙයි.

පසුගිය දා ගෝල්ෆේස් ප්‍රදේශයේදී කසළ තේ කිලෝග්‍රෑම් 3000ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සොයාගත් බවත්, අදාළ ලොරි රථයේ හිමිකරු සහ රියදුුරා එහිදී ප්‍රකාශ කර ඇත්තේ අදාළ කසළ තේ කොළඹ නගරයේ ආපනශාලාවලට ලබාදීමට තමන් කටයුතු කරන බවයි.

ඒ අනුව අදාළ කසළ තේ තොගය මධ්‍යම ආහාර ඒකකය බාරයට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ද නිලධාරීන් කටයුතු කරමින් සිටී.

ඇතැම් ආපනශාලාවල තේ සෑදීම සඳහා කසළ තේ උපයෝගී කරගන්නා බවට ලැබෙන තොරතුරු මත මෙම සොයා බැලීම සිදුකර තිබේ.

එහෙයින් ඉදිරියටද එවන් ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස කොළඹ මහනගර සභාවේ මධ්‍යම ආහාර පාලන ඒකකය ජනතාවට දැනුම් දෙයි.

මෙලෙස කසළ තේ උපයෝගී කරගනිමින් තේ සකස් කරන බවට තොරතුරු ඇත්නම් 0112 67 61 61 යන දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More