දේශීය පුවත්

රට සංවර්ධනය කිරීමේදී සිදුකළ යුතු වැඩ කිරීමට තමන්ට එක් ධුර කාලයක් වුවද ප්‍රමාණවත් බවත්, වත්මන් ව්‍යවස්ථාවෙන් වැඩ කිරීමට බාධා ඇතිව තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා පැවැසීය.

අද (05දා) පස්වරුවේ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

“අපට විතරක් නෙවෙයි බාධා තිබෙන්නේ. සාමාන්‍ය ජනතාව දැක තිබෙනවා යම් යම් දේ ඉෂ්ඨ කිරීමට ඇති බාධා. කිසිම සැලැස්මක් නැතිව කළ දේ (ව්‍යවස්ථා සංශෝධනය) නිසා ඇතිව තිබෙන බාධා අපි දැක තිබෙනවා. රට පාලනය කිරීමේදී අපහසුතාවට පත්වෙනවා. මේ දේවල් ඉවත් කර ගැනීම වැදගත්.

එහෙම කළේ ඇයි කියලා මම දන්නේ නෑ. විධායකයට කරන්න අවශ්‍ය දේ කරන්න බැරි නම් ඒ ව්‍යවස්ථාව එක්ක වැඩ කිරීම අපහසුයි.  රාජ්‍ය පාලනය අපහසුයි. ”

මෙහිදී පුවත්පත් කතුවරයෙකු ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ ධුර කාලය වැනි කරුණු ගැනත් අවධානය යොමු කරනවාදැයි විමසා සිටියේය.

“බාධා නැත්නම් අවශ්‍ය දේවල් කරන්න මට නම් එක් ධුර කාලයක් ඇති” යැයි ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More