මේ දිනවල ජිනිවා මානව හිමිකම් කොමිසමේ 43 වන සැසිවාරය පැවැත්වේ. එම සමුළුවට සහභාගිවූ විදේශ කටයුතු ඇමැති දිනෙෂ් ගුණවර්ධන මහතා ගී‍්‍ර ලංකාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමෙන් ආණ්ඩුව ඉවත් වන බව එම සමුළුව හමුවේදී ප‍්‍රකාශ කර ඇත. වත්මන් ආණ්ඩුවේ එම ස්ථාවරය පිළිබඳව ගෝලීය ගී‍්‍ර ලංකා සංසදයේ විධායක සභික අචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පළ කළ අදහස් පහත පරිදි වේ.
ප‍්‍රශ්නය – ගී‍්‍ර ලංකාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සමඅනුග‍්‍රහය දැක්වීමෙන් ඉවත්වන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 26 වන දා ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේදි ප‍්‍රකාශ කර තිබෙනවා.
ඔබ එම තීරණය ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය ලෙස දකින්නේ කෙසේද?
පිළිතුර – දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී ඉතා විශිෂ්ට කතාවක් කරලා තිබෙනවා. අපි ඒ කතාව ඉතා අගය කරනවා. දෙමළ ඩයස්පොරාවත්, අපේ රට ග‍්‍රහණයට ගැනීමට අපේක්‍ෂා කරන රටවලූත් එකාබද්ධව ලාංකික දේශයට එරෙහිව කරගෙන ආපු අසාධාරණ සටනට එරෙහිව එම කතාව විසින් විශිෂ්ට අවස්ථාවක් සනිටුහන් කරනු ලැබුවා. දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා විසින් එම කතාවේ දී ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා 30/1 යෝජනාවට සමඅනුග‍්‍රහය දැක්වීවෙන් ඉවත්වන බව. 30/1 යෝජනාවට පදනම් වන්නේ ඕ. අයි. එස්. එල් වාර්තාව. එම වාර්තාව මගින් තමයි අපේ රණවිරුවන්ට එරෙහිවත් ගී‍්‍ර ලංකා රජයට එරෙහිවත් චෝදනා ඉදිරිපත් කරනු ලබන්නේ. එම චෝදනා ඉදිරිපත් කිරීම සඳහා යොදාගෙන තිබෙන්නේ දෙමළ ඩයස්පෝරාව සහ අපව ග‍්‍රහණයට ගැනීමට අපේක්‍ෂා කරන රටවල් විසින් ගොනුකර තිබෙන අභූත චෝදනා තමයි. එම නිසා 30/1 යෝජනාවෙන් ඉවත්වීම ඉතා වැදගත් පියවරක් වනවා.
එසේ වුවත් අපි 30/1 යෝජනාවෙන් ඉවත්වීමෙන් පමණක් සම්පූර්ණයෙන්ම ප‍්‍රශ්නය අවසන් වන්නේ නැහැ. නමුත් මෙම අරගෙන තිබෙන පියවර ඉතා වැදගත්. ඒ වගේම යුද අපරාධ චෝදනාවෙන් නිදහස්වීම සඳහා අපට තව දුරගමනක් යන්න තිබෙනවා.
ප‍්‍රශ්නය – දෙමළ ජාතික සංධානයේ නායකයන් ඇතුඵ කිහිප දෙනකුම ප‍්‍රකාශ කර තිබෙනවා ආණ්ඩුවට එකපාර්ශ්වීයව එම යෝජනාවෙන් ඉවත්විය නොහැකි බව. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක් ද?
පිළිතුර- දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ දී ප‍්‍රකාශ කළා 30/1 යෝජනාවට මංගල සමරවීර ඇමැතිවරයා විසින් අත්සන් තබා තිබෙන්නේ නීත්‍යනුකුලව නොවන බව. එම යෝජනාවට ජනාධිපතිවරයාගේ මෙන්ම කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය හිමිවී නොමැති බව සඳහන් කර ඇති ගුණවර්ධන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන්නේ අපේ ව්‍යවස්ථාවට අනුව එහි සමහර යෝජනා ක‍්‍රියාත්මක කළ නොහැකි බව තමයි. උදාහරණයක් විදියට සඳහන් කරනවා නම් දෙමුහුන් අධිකරණය මංගල සමරවීර කැබිනට් ඇමැතිවරයකු වූ පමණින් එබඳු යෝජනාවකට සමඅනුග‍්‍රහය දක්වන්න බෑ.
එහෙත් සමරවීර ඇමැතිවරයා 30/1 යෝජනාවට සමඅනුග‍්‍රහය දැක්වීම නිසා එම යෝජනාව මානව හිමිකම් සමුළුවේදී සම්මත වී තිබෙනවා. එම නිසා එම යෝජනාව තවදුරටත් පවතිනවා. එසේ වුවත් අපේ රට දැන් සමඅනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වී ඇති නිසා දැන් අපට අවස්ථාව උදාවී තිබෙනවා ඉදිරිපත් කර තිබෙන යුද අපරාධ චෝදනා වලට පිළිතුර බැඳීමට. ඒ සඳහා අවශ්‍ය කටයුතු ගෝලීය ගී‍්‍ර ලංකික සංසදය විසින් සකසා තිබෙනවා. රණවිරුවන්ගේ විත්තිවාචිකය සකස් කිරීම සඳහා ගෝලීය ගී‍්‍ර ලංකික සංසදය අනුග‍්‍රහය දැක්වූයේ ඒ සඳහා තමයි. ඒ වගේම ඒ සඳහා යොදාගත හැකි තවත් වාර්තා 6 ක් තිබෙනවා. පරණගම වාර්තාව, ස්මිත් ලෝරන්ස් වාර්තාව ඇතුළු වාර්තා ඒ අතර වනවා. ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලය මගින් ලන්ඩන් නුවර විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යවන ලද ලිපිගොනුවලින් ලබාගත් තොරතුරු යොදා ගෙන නේස්බි සාමිවරයා විසින් සකස් කළ වාර්තාවත් තිබෙනවා. එම වාර්තා යොදාගෙන ඕ. අයි. එස්. එල්. වාර්තාවේ තිබෙන චෝදනා වලට පිළිතුරු දීමේ හැකියාව තිබෙනවා. එලෙස පිළිතුරු ලබාදීම මගින් අපට අවස්ථාව උදාවනවා මානව හිමිකම් කොමිසම නියෝජනය කරන රටවල් වලට මෙම චෝදනා වල පදනම් විරහිතභාවය පෙන්වා දීමට. අන්න එම අවස්ථාව තමයි දැන් උදාවෙලා තිබෙන්නේ.
අපේ රට වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් රටවල් කිහිපයක්ම තිබෙනවා. රුසියාව, චීනය, කියුබාව ඒ අතර පෙරමුණේ සිටිනවා. නමුත් අපේ රටේ ආණ්ඩුව යුද අපරාධ චෝදනාවට සමඅනුග‍්‍රහය දැක්වීම නිසා ඔවුන්ට අපි වෙනුවෙන් පෙනී සිටීමට තිබූ අවස්ථාවත් නැතිවූවා. නමුත් වත්මන් ආණ්ඩුව යුද අපරාධ චෝදනාවට සමඅනුග‍්‍රහය දැක්වීමෙන් ඉවත්වීම නිසා දැන් එම අවස්ථාව උදාවී තිබෙනවා.
ප‍්‍රශ්නය -එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කරලා තිබෙනවා 2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් වීමෙන් පසු සමයේ දී ශ‍්‍රී ලංකාවට පැමිණි බැංකී මූන් සමග මහින්ද රාජපක්ෂ මහතා ඇතිකරගත් එකඟතාවන් නිසා ගී‍්‍ර ලංකාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් වූ බව. එම චෝදනාවට පදනමක් තිබෙනවා ද?
පිළිතුර – එම චෝදනාව හාස්‍යය දනවන කාරණයක් බව නොකියාම බෑ. සජිත් පේ‍්‍රමදාස මහතාට අදත් පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් අඩවියට ගිහින් මහින්ද මහතා සහ බැංකී මූන් අතර ඇතිකරගත් එකාබද්ධ එකඟතාව මොකද්ද කියලා පරීක්ෂා කරලා බලන්න. එම අවස්ථාවේදී ගිවිසුමක් ඇතිකරගෙන නෑ. එම අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරලා තිබෙනවා, යුද්ධයේදී ගෙවල් දොරවල්, පාසල්, රෝහල් විනාශවීම, මිනිස් ජීවිත අහිමිවීම් වගේම ජනතාව අතර හිත්රිදීම් ඇතිවී තිබෙනවා නම් ඒවා පිළිබඳව සොයා බලා කටයුතු කරන බව. එම අවස්ථාවෙදී බෑංකී මූං මහතා තමන්ගේ පැත්තෙන් ප‍්‍රකාශ කරලා තිබෙනවා, මානුෂික අයිතිවාසිකම් අහිමි සිදුවී තිබෙන බව. එම ප‍්‍රකාශයෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශිෂ්ට රාජතාන්ති‍්‍රකයකු ලෙස සඳහන් කරලා තිබෙනවා කුමක් හෝ අසාධාරණයක් සිදුවී තිබෙනවා නම් ඒ පිළිබඳව සොයා බලා පිළිතුරු දෙන බව. ඒ හැර වෙනත් කිසිදු ප‍්‍රකාශයක් මහින්ද රාජපක්ෂ මහතා කරලා නෑ. ජාතික සංවිධාන විධියට ඔය චෝදනාවට මීට පෙර අපි පිළිතුරු ලබාදී තිබෙනවා.
ඔය වැනි අභූත චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂය දේශපාලන වාසි ගන්න හදනවා නම් එක වැරදියි. මෙම අවස්ථාවේදී අපි එක රටක් විදියට ශ‍්‍රී ලංකික ජාතිය විධියට මෙම ප‍්‍රශ්නයට මුහුණ දිය යුතුයි. පක්ෂ විධියට මෙම ප‍්‍රශ්නයට මැදිහත් වනවාට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
ප‍්‍රශ්නයි- විදේශ ඇමැතිවරයා මානව හිමිකම් සමුළුවෙදී 30/1 යෝජනාවට සමඅනුග‍්‍රහය දැක්වීමෙන් ඉවත්වන බව ප‍්‍රකාශ කළත්, වගවීම සම්බන්ධයෙන් දිගටම කටයුතු කරන බව ප‍්‍රකාශ කරලා තිබෙනවා.
පිළිතුර – යුද්ධයකදී හමුදාවේ අණදෙන නිලධාරීන්ගේ තීරණ වලට පටහැනිව ගිහින් තමතමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් අනුව සමහර පුද්ගලයන් කටයුතු කර තිබෙන්න පුළුවන්. දෙපාර්ශ්වයෙන්ම එබඳු අකටයුතු වෙන්න පුළුවන්. එබඳු සිදුවීම් සිදුවී තිබෙනවා නම් යුද්දයේ නාමයෙන් දේශපාලනයන් හෝ සෙබළුන් හෝ නිලධාරීන් හෝ වැරදිකර තිබෙනව නම් රටේ නීතියට අනුව ඔවුන්ට දඬුවම් කළ යුතුයි. එසේ කටයුතු කිරීම මගින් රටේ නීතිය කාටත් පොදුවේ කි‍්‍රයාත්මක වන බව අපි පෙන්විය යුතුයි. මම හිතන ආකාරයට දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් කළේ ඒ පිළිබඳව තමයි. ගෝලීය සංසදය විධියට අපි කියන්නේ මෙම ප‍්‍රශ්න සියල්ල අපේ රටේ නීතිරාමුව තුළ විසඳිය යුතු බව තමයි. අනෙක් කාරණය තමයි ඒකීය රාජ්‍යය ආරක්ෂා කර ගැනීම.
ප‍්‍රශ්නය – බටහිර රටවල් මානව හිමිකම් වලට මුවා වෙලා ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථයන් ඉෂ්ටකර ගැනීමට කටයුතු කරන බවට චෝදනාවක් තිබෙනවා. එම පසුබිම තුළ ආණ්ඩුව 30/1 යෝජනාවෙන් ඉවත්වීම පිළිබඳව එම රටවල් කුමන ප‍්‍රතිචාරයක් දක්වාවිද?
පිළිතුර – වසර දෙකකට පෙර ඇමරිකාව මානව හිමිකම් සමුළුවෙන් ඉවත් වූ අවස්ථාවේදී එම සමුළුව හැඳින්වූයේ අසූචී වළක් ලෙස තමයි. ඔවුන්ට අවාසිදායක තීන්දු දෙනකොට තමයි එම කොමිසම ඒ අකාරයට හඳුන්වන්නේ. ඊශ‍්‍රායලයට බෝම් හෙළමින් අවට රටවල භුමිය අල්ලා ගන්නා විට මානව හිමිකම් කොමිසම චෝදනා කළත් එම රට ගණන් ගත්්තේ නැහැ.
අපි දැකලා තිබෙනවා සමහර රටවල් තමන්ගේ අවශ්‍යතාවන් සඳහා මානව හිමිකම් කොමිසම යොදා ගන්නවා. මම දුටුවා රුසියානු විදේශ ඇමැතිවරයාත් ළඟදී එබඳු ප‍්‍රකාශයක් කරලා තිබෙනවා. ඒක පිළිගත් සත්‍යයක්. ඒ අනුව මානව හිමිකම් සමුළුව බලවත් රටවල් අවියක් ලෙස යොදා ගන්නා බව පැහැදිලි වනවා.
අපි වසර හතරක් පහක් එම සංවිධානව තුළ කටයුතු කරලා තිබෙනවා. අපි දැකලා තිබෙනවා ඔවුන් තීරණ ගන්නේ කොහොමද කියලා. අපි ඒක දැනගෙන එම අවස්ථාවට මුහුණ දීම සඳහා ශී‍්‍ර ලංකිකයන් ලෙස අපි එකතුවිය යුතුයි. ඉන් පසුව අපි අප වටා මිත‍්‍ර රටවල් එකතු කරගත යුතුයි. ඒ අනුව තමයි අපිට ප‍්‍රතිවාදීන් ජයගැනීමට හැකිවන්නේ. ඒ සඳහා අප සත්‍ය වටා එකරාශි විය යුතුයි.
ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කියන එවා හැමදාම ලෝකයේ තිබිල තියෙනවා. එදා ඉංගී‍්‍රසින් අපව බෙදා පාලනය කළා. අදත් ඒ සඳහා උත්සාහ කරනවා. පසුගියදා ශී‍්‍ර ලංකාවට ආපු ඇමරිකානු උප විදේශ ලේකම්වරිය ප‍්‍රකාශ කළා, ශී‍්‍ර ලංකාව ආසියානු මහද්වීපයේ තිබෙන වැදගත් භූමිකඩක් බව. ඔවුන්ට අවශ්‍ය ආකාරයට මේ රට මෙහෙයවීමට නම් බෙදීමක් තිබෙන එක ඔවුනට වැදගත් බව තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් වනවා.
ප‍්‍රශ්නය – ගෝලීය ගී‍්‍ර ලංකා සංසදය විධියට මෙම සැසිවාරයේ දී ගෙන තිබෙන පියවර මොනවාද?
මෙම සැසිවාරයටත් යුරෝපයේ සිටින අපේ සභාපතිවරුන් සහභාගිවනවා. විශේෂයෙන්ම ස්විස්ටර්ලන්තයේ සිටින එරික් මාකාවිට, එංගලන්තයේ සිටින ජෙයරාජ් පලිහවඩන වගේම ඊශ‍්‍රායලයේ සිටින ජනත් විමල සහභාගි වනවා. ඒ වගේම එම කටයුතු ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ලේකම්වරයා වන යසස් ධර්මදාස සහ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ අජන්ත පේ‍්‍රමරත්න විසින් එම කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටිනවා. මෙවර සමුළුවට දෙමළ ඩයස්පොරාව නියෝජනය කිරීම සඳහා සංවිධාන 62 ක නියෝජිතයන් සහභාගිවනවා. එම නිසා ඔවුන් කරන කියන දේ අධ්‍යයනය කිරීම සඳහා අපි එම සමුළුවට සහභාගි විය යුතුයි. ඒ සඳහා අපේ සහෝදරයන් තමන්ගේ ධනය සහ කාලය කැප කරමින් ජිනිවා නුවරට ගිහින් සිටිනවා. මේ සටන අපි ජයග‍්‍රහනය දක්වාම ඉදිරියට කරගෙන යනවා.
සාකච්ඡා කළේ-
එරික් ගාමිණී ජිනප‍්‍රිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...