මාස් කන්නයේ වී මිලදී ගැනීමට රජය මැදිහත් වී කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ලබාදෙන බැංකුණය මුදලමෙවර කන්නයේදී ලබා නොදීම නිසා මෝල් හිමියන්ගෙන් 95% කට වැඩි ප්‍රමාණයකට මෙවර වී මිලදී ගැනීමට නොහැකි වී තිබෙන බව එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමය සඳහන් කරයි.
බදු සහන යටතේ විශාල සහල් තොග ලංකාවට ගෙන්වා තිබෙන බැවින් දැනට වී මිලදී ගන්නා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනා පවා දැඩි අනතුරකට ලක්ව තිබෙන බවද එම සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා සඳහන් කළේය.
බදු සහන යටතේ සීමාවක් නොමැතිව සහල් ගෙන්වීමට අවසර ලබා නොදීම නිසා මහාපරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු අතිවිශාල වශයෙන් සහල් තොග රටතුළට ගෙන්වා තිබෙන බවත්, අඩුම තරමින් රට තුළට ගෙන්වූ සහල් තොගවල ප්‍රමාණය කොතරම්ද යන්න පිළිබඳව වත් කිසිවෙකු නොදන්නා බවද පවසා සිටියේය.
මේ නිසා අධික පොලියකට ණය ලබාගෙන වී මිලදී ගැනීමට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් බියක් දක්වන බවත්, රජය මැදිහත්ව සහන පොලී මුදලකට ලබාදෙන බැංකු ණය මුදල්වත් ලබාදීමට මෙතෙක් වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවද සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...