සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ ස්ථානගතව තිබෙන අවසන් ත්‍රස්ත කඳවුරු විනාශ කිරීමේ මෙහෙයුමට සහභාගි වී සිටින සිරියානු හමුදාවල සහයට රුසියානු හමුදා මැදිහත් වීමත් තුර්කි හමුදා “මධ්‍යස්ත කැරලිකරුවන්” ලෙස ඉඩ්ලිබ් පලාතේ ත්‍රස්තයන්ව බෞතීස්ම කරමින් ඔවුන්ට සහයෝගය පලකිරීමත් නිසා පසුගිය දිනවල රුසියාව සහ තුර්කිය අතර හටගත් මතභේදය ඊයේ රුසියානු සහ තුර්කි ජනාධිපතිවරුන් හමුවී කළ සාකච්ඡා වලින් පසු සම්පූර්ණයෙන්ම පාහේ සමනය වන ලකුනු පහළ වී ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති.
සිරියානු හමුදා ඉඩ්ලිබ් ප්‍රදේශයේ ත්‍රස්ත කඳවුරු වලට එල්ල කළ දැවන්ත ප්‍රහාර වලින් තුර්කි හමුදා සෙබළුන් තිස් ගනනක් මිය යාම හේතුවෙන් තුර්කිය ඉඩ්ලිබ් පලාතේදී ලැබූ පරාජය වසා ගැනීමට තම දේශසීමා හැර දමමින් ඉඩ්ලිබ් පලාතේ සරණාගතයන් මුවාවෙන් වෙනත් සරණාගතයන් යුරෝපයට යැවීමට උත්සහා කරනු ලැබීය. එය යුරෝපා සංගමයේ දැඩි විවේචනයට ලක්වූ අතර ඉඩ්ලිබ් පලාතේදී තුර්කි සෙබළුන් මියයාම තුර්කි පාර්ලිමේන්තුව උනුසුම් කරමින් ආන්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් ගුටිබැට හුවමාරු කරගන්නා තත්වයටද පත්විය.
තුර්කි ජනාධිපතිවරයා බිත්තියටම හේත්තු වුනු තත්වයක් තුළ රුසියාව සමඟ සාකච්ඡා කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබිනි. ඒ අනුව ඊයේ මොස්කව් නුවරදී තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩොගාන් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පැවති සාකච්ඡා සාර්ථකව අවසන් විය. පැය ගනණක දීර්ඝ සාකච්ඡාවකින් පසු නායකයන් දෙපළ එකඟවූ කාරනා සම්බන්ධයෙන් ලියවිල්ලක් මාධ්‍යය වෙත නිකුත් කිරීමටද කටයුතු කර තිබුනි.
ඒ අනුව අද(6) මධ්‍යම රාත්‍රියේ සිට සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේදී සටන් විරාමයක් ක්‍රියාත්මක වීමට නියමිතය.කිලෝමීටර හයක යුද මුක්ත කලාපයක් සතියක කාලයක් ඇතුළත සිරියානු හමුදා සහ තුර්කි හමුදා වල එකඟතාවයෙන් නිර්මාණය කළ යුතුය.ඉඩ්ලිබ් පලාතේ M-6 අධිවේගී මාර්ගයේ මුර සංචරණ කටයුතු තුර්කි හමුදා සහ රුසියානු හමුදා වල සංකලනයෙන් යුතුව ක්‍රියාත්මක කළ යුතුය. තුර්කිය සහ රුසියාව, සිරියාවේ භෞමික අඛන්ඩත්වය මෙන්ම ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට කැපවිය යුතුය.
සිරියාව තුල මානුෂික අර්බූදයක් ඇති නොවීමට අවශ්‍යය වටපිටාව සැකසීමට සිරියාව සහ රුසියාව කැපවිය යුතු බවට එකඟ වීම මෙන්ම සිරියාවේ ඇතිවී තිබෙන තත්වයට යුදමය විසඳුමක් නැති බවත් සිරියාව විසින්ම අර්බූදයට විසඳුම් සොයාගැනීම කළ යුතු බව තුර්කිය සහ රුසියාව එකඟවීම විශේෂිතම කාරණය විය.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...