පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල විසින් රචිත ‘‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’’ නම් කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (05 වැනිදා) එළි දැක්විණි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 2015 ජනවාරි මස 08 වැනිදා ලද පරාජයෙන් පසු 2019 නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිවරයාගේ පත්වීම වන තෙක් උදය ගම්මන්පිල ඇතුළු පිරිස කළ අරගලය පිළිබඳ මෙම කෘතියේ සඳහන් වේ.
‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’ කෘතිය පිළිබඳ අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පැවසූවේ මෙම ග්‍රන්ථය ඔහු විසින් රචනා කළේ වසර 05 ක් මේ රට පාලනය කළ යහපාලනය නම් වූ ඊනියා ආණ්ඩුවෙන් රට නිදහස් කර ගැනීමට රටට ආදරය කරන දේශප්‍රේමීන් සිදු කළ සටන ඉතිහාසගත කිරීමට බවය.
යහපාලන ඊනියා ආණ්ඩුව පරාජය කිරීම සිහිනයක් යැයි සිතාගෙන සිටි බොහෝ දෙනාට ක්‍රියාවෙන්ම එය සිහිනයක් නොවන බව ඔප්පු කර පෙන්වූ බවද හෙතෙම එහිදී කියා සිටියේය. නුදුරු අනාගතයේදී මේ පොත සංස්කරණය කරන බවද මේ රටේ ජනතාවට සැබෑ නිදහස ලැබුණේ එම ඊනියා ආණ්ඩුව පලවා හැරි දිනයේ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම අවස්ථාවට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ඩලස් අලහප්පෙරුම බන්දුල ගුණවර්ධන යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...