දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උඩුගම ප්‍රදේශයේ පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පරිසරයට හානියක් ගෙන දෙනවානම් කටුපොල් වගාව වහාම නතර කරන ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග වතු සමාගම් දැරණියගල ප්‍රදේශයේ කටුපොල් සිටු වීම වේගවත් කර ඇත.

මේ තත්ත්වය සමග බොරු මාධ්‍ය සංදර්ශන නොපවත්වා කටුපොල් තහනම වහා ගැසට් කරන ලෙස රජයට බල කරන බවත් දිගින් දිගටම වතු සමාගම් විසින් නිතී විරෝධි ලෙස කටුපොල් සිටුවන්නේ නම් ඉදිරියේදී ජනතාව සමග පාරට බැස විරෝධතා මාලාවක් දියත් කිරීමට කටයුතු කරන බවත් දෙහිඕවිට ජන අයිතීන් සුරකීමේ සංවිධානයේ ලේකම් කෝසල නුවන් ජයවීර පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ දැරණියගල සපුමල්කන්ද ප්‍රදේශයේ කටුපොල් තවාන අබියස පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද කීය:

‘‘මේ වන විට ලංකාවේ කටුපොල් වගාව තහනම් වගාවක් ලෙස 2019/11/11 දින පැවැත්වූ කැබිනට් මණ්ඩලයෙන් තීරණය කර තිබෙනවා. පසු ගිය සතියේ ගාල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේදී ජනාධිපතිවරයා පැවසුවේ කටුපොල් තහනම් කරන්න ඕනේ කියලා. නමුත් තවමත් වතු සමාගම් විසින් මෙම ප්‍රදේශයේ කටුපොල් සිටුවමින් පවතිනවා. වසර හතරකට ආසන්න කාලයක් පරිසරයට ආදරය කරන ජනතාව හා පරිසරවේදීන් විසින් සිදු කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස තමයි. ආණ්ඩුවට සිදු වූවේ කටුපොල් තහනම් කරන්න. නමුත් තවම ආණ්ඩුව කැබිනට් තහනම ගැසට් කරන්නේ නැතිව මාධ්‍ය සංදර්ශන පවත්වනවා.

මධ්‍යම පරිසර අධිකාරිය හා තවත් රාජ්‍ය ආයතන හතක් එක්ව කළ සමීක්ෂණයකින් පසු නිකුත් කළ වාර්තාවකින් පෙන්වලා තිබෙනවා කටුපොල්වලින් සිදු වන හානිය. අද වන විට මැලේසීයාව අක්කර දහස් ගණනක කටුපොල් පැළ ගලවා ඉවත් කරන කොට ලංකාව අක්කර දහස් ගණනකින් කටුපොල් පැළ හිටවනවා. තවමත් කටුපොල් තවාන්වල කටුපොල් පැළ ලක්ෂ ගණන් තිබෙනවා. කටුපොල් වගාව තහනම් කර තිබියදී ඇයි මේ කටුපොල් පැළ තවාන් පවත්වා ගෙන යන්නේ. එම නිසා අපි කියන්නේ කටුපොල් තවාන්වල ඇති කටුපොල් පැළ වහාම ගලවා ඉවත් කිරීමට පියවර ගත යුතුයි.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More