ව්‍යාපාරික පුවත්

ලොකු ලූනු කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 60 ක්ව පැවැති රජයේ අවම සහතික මිල රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇත.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ලූනු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් මෙසේ ලොකු ලූනු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවූ බව මුදල්, ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මේ ගැන කරුණු පැහැදිලි කරන මුදල් අමාත්‍යාංශය මෙසේ ද කියයි.

ලොකු ලූනු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේදී ගොවීන්ට සාධාරණ මිලක් හිමි නොවූ අතර, ඒ හේතුවෙන් ඔවුන් ලොකු ලූනු වගා කටයුතුවලින් බැහැරවීමේ ප‍්‍රවණතාවක් ද දක්නට ලැබිණි. එබැවින් ලොකු ලූනු අස්වැන්න පහත වැටුණු අතර විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් ලොකු ලූනු ආනයනය වෙනුවෙන් වැය විය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ලොකු ලූනු සඳහා වන රජයේ සහතික මිල ඉහළ නැංවීම සහ ගොවීන් දිරිමත් කිරීම වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.

එසේම දැනට පවතින ලොකු ලූනු වගාවන් හි ඵලදායිතාව ඉහළ නැංවීම මගින් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ද නව වැඩපිළවෙළක් ආරම්භ කෙරේ. මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග‍්‍රාමීය සංවර්ධන යන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීමට නියමිතය. මෙම වැඩපිළිවෙළෙහි ප‍්‍රගතිය පිළිබඳ මාස හයකට වරක් අමාත්‍ය මණ්ඩලයේදී සලකා බැලේ. තවද පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ලොකු ලූනු කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක්ද නියම කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More